අවන්ගර්ඩ් වැඩ නාවික හමුදාවට පැවරීමෙන් කෝටි230 ක ලාභයක්………….

avangard-shipඅව්න්ගාර්ඩ් සමාගම යෙදුණු නාවික ආරක්ෂණ කටයුතු නිරත වූ සමුද්‍රීය ආරක්ෂණ කටයුතු නාවික හමුදාවට පවරා ගැනීමෙන් අනතුරුව ගතව ඇති වසරක කාලයේ රුපියල් කෝටි 233 කට අධික ආදායමක් රජය වෙත උපයා දීමට ශී‍්‍ර ලංකා නාවික හමුදාව සමත්ව තිබේ.

මෙම මුදල සෘජුවම රජයේ ඒකාබද්ධ අරමුදල වෙත බැර කිරීමටද නාවික හමුදාව කටයුතු කර ඇත.නැව්වාර 6646 කින් මෙම මුදල උපයා ගෙන් ඇත. සමුද්‍රීය ආරක්ෂණ සේවා සැපැයීම අරබයා නාවික හමුදාවේ ප‍්‍රධාන වගකීම වන්නේ සයුරේ යාත‍්‍රා කරන වෙළද නෞකා වල ආරක්ෂක කටයුතු සදහා ගිනි අවි සහ පතරොම් ලබා දීමයි.

තත්වය මෙසේ තිබ්යදී රජයට කොටි ගණනක් පාඩු කළ සේනාධිපති-ගෝඨාබය ඇතුළු පිරිස සම්බන්ධයෙන් පියවර ගැනීමට මේ තරම් කල්    පමාපම වීම පිළිගත හැකිද යන්න ප්‍රශ්නයකි. මේ වන විට ගාලු වරායේ අත්අඩංගුවට පත්ව තිබෙන නැවට කුමක් කරන්නේද යන ප්‍රශ්නය මතු වී තිබේ. නැව අබලන්වීම සම්බන්ධයෙන් තමන්ට වගකීමක් නැති බවත් නැවෙන් තෙල් කාන්දුවක් සිදුවුවහොත් ආණ්ඩුව වගකීම භාර ගත යුතු බව නැව් සමාගම කියා සිටී.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.