අවසන් තරඟය තෙක් ලෝකයෙන් වසන් කළ කොදෙව්වන්ගේ සංවේදී කතාව

wi drn smපන්දුවාර විස්සයි විස්ස  ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ඉන්දියාව පරාජය කරමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවද ඔවුන්ගේ ජයග්‍රහණ පිටුපස ඇත්තේ සංවේදී කථාවකි.

බටහිර ඉන්දීය කොදෙව් ක්රිකට් පාලක මණ්ඩලය සමග ඇති ගැටුම මෙතෙක් අවසන් නොවීම ඒ අතරින් ප්‍රධාන වන අතර මෙම ගැටුම හටගෙන තිබුණේ ක්රීඩකයින්ට ලබාදෙන ගාස්තු මුල්කර ගනිිමිනි.

අර්බුදය උග්ර වී තිබූ අවස්ථාක කොදෙව් ක්රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබුණේ වෙනත් කණ්ඩායමක් මෙම ලෝක කුසලාන තරගාවලියට යොමු කිරීමටයි.

බටහිර ඉන්දීය කොදෙව් නායක ඩැරන් සාමි පවසන්නේ කොතරම් ජයග්‍රහණ ලැබුවත් පැවති ගැටලූ මෙතෙක් නිරාකරණ වී නොමැති බවයි.

තමන් මෙම ජයග්රහණ ලබාගන්නේ එම අර්බුද ඉදිරියේ බව ද ඔහු පැවසුවේය.

තම කණ්ඩායම ලැබුණු ගෞරවය ද හීන වී තිබූ බවයි කොදෙව් නායකයන් පවසන්නේ.

අනෙක් රටවල් ලෝක කුසලානය අභිමුව තරග රැසකට ක්රීඩා කළ ද තම කණ්ඩායමට මේ වසරේදී කිසිදු පන්දුවාර විස්ස තරගයකට ක්රීඩා කිරීමට අවස්ථාවක් නොලැබුණු බවද ඩැරන් සාමි සිහිපත් කරන අතර මෙවර තරගාවලියට තමන් පැමිණියේ ක්රීඩකයින් 14 දෙනා සහ සහය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ගේ සහයෙන් පමණක් බවයි ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ.

කෙසේවෙතත් මෙම අර්බුද හමුවේ වුවද මෙවර තරගාවලියේදී කොදෙව් ජාතික පිල අවසන් මහා තරගයට සුදුසුකම් ලබද්දී කොදෙව් කාන්තා කණ්ඩායම ද පන්දුවාර විස්ස කාන්තා ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුුදුසුකම් ලබාගත්තා.

– See more at: http://offair.nethfm.com/article/36324#sthash.CWPJm8LZ.dpuf

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.