අවුරුද්දක් ගිහින්… මන්ත්‍රීවරු 5 කිසිම පාර්ලිමේන්තු කටයුත්තකට සම්බන්ධවෙලා නෑ…

 

Nekad2මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු ක්‍රියාකාරකම් අධ්‍යයනය කරන manthri.lk වෙබ් අඩවිය මගින් ඉදිරිපත් කළ නවතම මන්ත්‍රී ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ක්‍රියාශීලීම මන්ත්‍රීවරුන් පස්දෙනා අතරට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනෙක් තේරී සිටිති.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරීත්වය, විවාද සඳහා සහභාගීත්වය, ප්‍රශ්න ඇසීම, නීති අණ පනත් සම්මත කරගැනීම සඳහා දක්වන දායකත්වය ආදී කරුණු ගණනාවක් ඔස්සේ අධ්‍යයනය කර මෙම ශ්‍රේණිගත කිරීම නිකුත් කර තිබේ.

වැදගත්ම හෙළිදරව්ව වන්නේ කිසිම පාර්ලිමේන්තු කටයුත්තකට සම්බන්ධ නොවුණු මන්ත්‍රීවරුන් පස් දෙනෙකුත් පාර්ලිමේන්තුවේ සිටීමය.  ශ්‍රේණිගත ලැයිස්තුවේ පහළින්ම සිටින මේ අය අවසානයේ සිට ඉහළට පිළිවෙලින් තේනුක විදානගමගේ, සිරිපාල ගම්ලත්, නිශාන්ත මුතුහෙට්ටිගම, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ වීරකුමාර දිසානායකය. සිරිපාල ගම්ලත් යනු මේ රටේ  නියෝජ්‍ය විදේශසේවා අමාත්‍යවරයාය. මොවන්  සියල්ලන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ය.

ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය ජනතා හිමිවන්නේ විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට. ජනතා විමුක්ති  පෙරමුණේ සුනිල් හදුන්නෙත්ති සහ එක්සත් ජාතික පක්ෂයේ බුද්ධික පතිරණ යන මන්ත්‍රීවරු දෙවන හා තෙවන ස්ථානත්, අගමැති රනිල් වික්‍රමසිංහ සිවු වන ස්ථානයත්, ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජයතිස්ස පස්වන ස්ථානයත් හිමි කරගෙන තිබේ. මුල්ම ස්ථාන 3 දිනාගෙන සිටින ජනතා විමුක්ති පෙරමුණෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරනනේ සාමාජිකයන් 6 දෙනෙක් පමණය.

සිය ආසනයේ ජනතාවගේ ගැටළු පෙත්සම් ආකරයෙන් මන්ත්‍රීවරුන් 101 දෙනෙකු ඉදිරිපත්කර තිබෙන බව මන්ත්‍රී ඩොට් එල්කේ (manthri.lk) වෙබ් අඩවියේ නිරීක්ෂණයයි. මන්ත්‍රීවරුන් 45 දෙනකු එක් ලිඛිත ප්‍රශ්නයක් හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන අතර මන්ත්‍රීවරුන් 214 දෙනකු අවම වශයෙන් එක් විවාදයකට හෝ සම්බන්ධ වී තිබේ.

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.