අවුරුදු තුනකට පසු සතොස ගින්න යළිත් ඇවිලේ… අගමැති අණින් ජොන්සටන් ගැන යළි පරීක්ෂණයක්

jhonston-fernandolඅභ්‍යන්තර වෙළෙද හා පාරිභෝගික කටයුතු අමාත්‍යවරයා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු කටයුතු කළ ඉකුත් රජය සමයේ කොළඹ වොක්ෂෝල් වීදියේ පිහිටි ස.තො.ස මුලස්ථාන ගොඩනැගිල්ලේ 07 වෙනි මහලේ තිබු අමාත්‍යාංශයේ මාධ්‍ය කාර්යාලයේ හදිසියේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් යළිත් මුලසිටම පරික්ෂණයක් පවත්වන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ  ඊයේ (28) නිතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයට දැනුම් දී ඇත.
ස.තො.ස මුලස්ථාන ගොඩනැගිල්ලේ 07 වන මහලේ පිහිටි අමාත්‍යාංශ කාර්යාලය තුළ 2013 වර්ෂයේ ජුලි මස ඇතිවූ හදිසි ගින්න පිළිබඳ කෙරුණු පරික්ෂණ එවක රජයේ ප්‍රබල අයෙකුගේ මැදිහත්විමෙන් වැළකුණු බවට ලද පැමිණිලි පදනම් කරගෙන අගමැති රනිල් වික්‍රමසිංහ මේ දැනුම්දීම කර තිබේ.
ඉකුත් රජය සමයේ අමාත්‍යාංශ මාධ්‍ය ඒකකයේ ඇති වූ ගින්නෙන් එහි වැදගත් ලිපි ලේඛන රැසක් විනාශ වි ඇති අතර ඊට අදාළව කොම්පඤ්ඤවීදිය පොලිසිය මගින් පරික්ෂණ ආරම්භ කළද සිද්ධියට අදාළ වගකිව යුත්තන් අනාවරණය නොවුණු බවටද අගමැතිවරයා වෙත කරුණු අනාවරණය වි ඇත.
කරුණු සැලකිල්ලට ගත් අගමැති රනිල් වික්‍රමසිංහ රාජ්‍ය ආයතනයක ඇති වූ මේ ගින්න පිළිබඳව මුල සිටම පරික්ෂණ පවත්වා අවශ්‍ය පියවර ගන්නා ලෙසට නිතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.