අවුරුදු 8 සංස්ථාවේ ශීතාගාරවල තිබූ රාජිතගේ මාලු තොගයක් මාට්ටු…

rajitha sලංකා ධීවර සංස්ථාවේ ශීතාගාර තුළ තිබී ගබඩා කරන ලද වසර 8ක් පැරණි  මාළු ටොන් තුනක තොගයක් හමුවීම පිළිබඳව විමර්ශනයක් ඇරඹී තිබේ. මේ මාලු තොගය විදේශයකින් ලංකාවට ගෙන්වා ඇත්තේ රාජිත සේනාරත්න ධීවර ඇමතිවය සිටි කාලයේදීය. විශාල මුදල් සම්භාරයක් වියදම් කර ලංකාවට ගෙන්වා තිබූ මෙම මාලු තොගය බෙදා නොහැර සංස්ථාවේ ශීතාගාර තුළ තබා තිබී ඇත.

මේ මාලු තොගය පිළිබද පරීක්ෂණ ධීවර සංස්ථාවේ‍ වැඩ බලන සභාපතිවරයා ලෙස කටයුතු කරන, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) එස්. බාලසුබ්‍රමනියම් වවිසින්  පසුගිය 12 දා ආරම්භ කළ බව වාර්තා වේ.

ලංකා ධීවර සංස්ථාව පසුගිය කාළය පුරාම බරපතළ ලෙස මූල්‍ය අර්බුදයකට මුහුණ දී තිබුණු බවත්, සේවක වැටුප් ගෙවීම සඳහා භාණ්ඩාගාරයෙන් රු. මිලියන 210ක් ද, ධීවර සංස්ථාවට ගෙවීමට තිබූ ණය මුදල ගෙවීම සඳහා තවත් රු. මිලියන 430ක් ද ඇතුළු රු. මිලියන 650කට ආසන්න මුදල් ප්‍රමාණයක් මහා භාණ්ඩාගාරයෙන් ලබා ගන්නා ලද බවත් පැවසේ. එමෙන් අතිරික්ත සේවකයන් 400 ක් ද සංස්ථාවේ ඇතැයි පැවසේ.

මෙසේ දිගින් දිගටම පාඩු ලබන ධීවර සංස්ථාවට විදේශයකින් මිල දී ගන්නා ලද ටොන් 3ක් පමණ ධාරිතාවකින් යුත් මත්ස්‍ය තොගයක් බෙදා නොහැර විශාල වශයෙන් මූල්‍යමය අලාභයක් සිදු කළේ කවුරුන්ද යන්න විමර්ශනය කර එම විමර්ශන වාර්තාව අනුව, කිසියම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් ඊට සම්බන්ධ නම් ඔහුගෙන් හෝ ඔවුන්ගෙන් එම අලාභය අයකර ගැනීමට කටයුතු කරන ලෙස   ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර   නියෝග කර ඇත.

මහින්ද අමරවීරගේ චෝදනාවට ලක්වන මේ වකවානුවේ රාජිත සේනාරත්න ධීවර කටයුතු අමාත්‍යවරයාව සිටියේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.