ආණ්ඩුවට එක්වන විපක්ෂයේ හතර දහය දක්වා නගී. කිරිඇල්ලගෙන් ඉඟියක්.

kiriella2016 අයවැයට අදාළ ඡන්ද විමසීමේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දස දෙනෙකුගේ පමණ සහය ආණ්ඩුවට හිමිවනු ඇති බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (27) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකු පමණ මෙවර අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානමින් සිටින බව හෙතෙම අයවැය දෙවන වර කියවීමේ විවාදයේ 5 වන දිනයේ විවාදයට එක්වෙමින් පැවසී ය.

එමෙන්ම වත්මන් ආණ්ඩුව සමග එක්වන ලෙසද සභානායකවරයා විපක්ෂ මන්ත්‍රීවරුන්ට ආරාධනා කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.