ආණ්ඩුව මංගල-රුවන් සරණං……………

mangala-samaraweera-1ප්‍රචාරණයට බැස්ස විට මංගල සමරවීර සුපිරි මෙහෙයුම්කරුවකි. ඔහුගේ මිත්‍ර රුවන් රුවන් ෆර්ඩිනැන්ඩස් හා එක්වූ විට ගොඩ නැගෙන ප්‍රචාරන ජාලය කාර්යක්ෂම සහ ප්‍රතිපල ගෙන දෙන්නක් බව දන්නෝ දනිති. මහින්ද රාජපක්ෂ සිහසුන කරා රැගෙන ඒමේ මුළු බර ඈද්දේ මංගල සහ රුවන්ය.

ඊට ප්‍රත්‍යුපකාර ලෙසින් මංගල සමරවීර ගේ ඇමති තනතුර අහෝසි විය. ඇමති තනතුර අහෝසි වන විට සිංගප්පුරුවේ අයිස් ක්‍රීම් කමින් සිටියේය ඉන් අනතුරුව ඔහු ඉතා නිර්භයව එල්ල කරන ලද පීඩනයට මුහුණ දුන්නේය. මෙම ආණ්ඩුව මංගල ගේ මාධ්‍ය මෙහයවුම් හැකියාව සහ රුවන් ක්‍රමෝපායික දක්ෂතාව ගැන හිතන්නට තිබුනේ මීට කලකට පෙරය.

නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්

රුවන් ෆර්ඩිනැන්ඩස් ට මහින්ද රජ කරවීම වෙනුවෙන් ලැබූ වරම වුයේ මරණ තර්ජනයයි. මරණ වරෙන්තුව අතින් ගත් රුවන් අපමණක් වෙහෙස දරා විකල්ප මාධ්‍ය ජාලයක් ගොඩ නැගීමට තැත් කළේ තමන් හා වැඩ කළ සගයින් ද රැක ගනිමිනි. ජනවාරි අටවෙනිදා දිනා ගත් ප්‍රජතන්ත්‍රවාදය තුළ රුවන් ෆර්ඩිනැන්ඩස් ගේ දායකත්වය දන්නේ ඉතා ටික දෙනෙක් පමණි. අළුත් ආණ්ඩුවේ ජාතික රූපවාහිනීයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක තනතුර ලැබුනත් ඔහු තනතුර ප්‍රතිෂේප කළේ ‘කැඳ හැලියේ’ රඟ දන්නා නිසා විය හැකිය.

ඔහු ඒ වෙනුවට නව්‍ය ගුණයෙන් යුතු මාධ්‍ය ගැන කල්පනා කරමින් පෙරට යන අවස්ථාවකි මේ නව සන්නිවේදන මෙහෙයුමක් පිළිබඳව ආරංචිය ලැබෙන්නේ. අවුල් නාද සපිරිවර්ධනේ මේ වන විට ආණ්ඩුවේ සන්නිවේදන යාන්ත්‍රණය බෙහෙවින්ම අවුල්ය.කඹ ඇදිලි බහුලය.රාජ්‍ය මාධ්‍ය ජවය පිරිහී ගොසින්ය.ආණ්ඩුවේ මාධ්‍ය මිතුරන් හා විරසකවීම් බහුලය.පෞද්ගලික මාධ්‍ය දුපත් සරුවට වැඩෙමින් පතින අතර ජනාධිපති අගමැති දෙපල මාධ්‍යට දෙහි කපමින් සිටිති.අළුත් මාධ්‍ය ප්‍රතිසංස්කරණ එහාටත් නැති මෙහාටත් නැති විකාරරූපී යෝජනාය. මේ තත්වය හමුවේ මංගල-රුවන් සංයෝගයට වැඩේ ගොඩ දැමිය හැකි වන්නේ මේ ආරාවුල් නිරාකරණය කරගත් තරමටය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.