ආදරවන්තයින්ගේ දිනය අර්ථවත්ව ගත කරන්නටනම්….

අද ආදරවන්තයින්ගේ දිනය හෙවත් වැලන්ටයින් දිනයි. ආදරය කරන්නට දිනයක් අවශ්‍යද යන්න සංවාදයට තුඩු දෙන්නක් උවත් මේ වන විට පුරුද්දට මෙන් වැලන්ටයින් සමරන්නට ලොව පුර මෙන්ම අප රටේද ආදරවන්තයන් බලා සිටින්නේ නොයිවසිල්ලෙනි.
එහෙත් මේ ආදරවන්තයින්ගේ දිනය අර්ථවත්ව සමරන්නේද යන්න වර්තමානයේ මතබේදයට තුඩු දෙන්නෙකි. මන්ද යත් වැලන්ටයින් දිනය අද වන විට වානිජකරණය වී හමාර වීම මීට ප්‍රධාන හේතුවයි.
රු 50 රෝස මල 150ට ගණන් යන සමරු තිළිණය වෙනදාටට් වැඩ තුන් ගුණයකින් ඉහල යන වෙළෙන්දාට ගජ වාසි අත්වෙන දිනයක් පමණක්ම වෙන මෙම දිනය අද වෙන විට ලැගුම්හල් හිමියන්ට වාර්තාගත අදායම් ලබා දෙන දිනයක් බවට පත්ව ඇත.
ආදරය වෙනුවෙන් තෑගී ලබා දිය යුතුය නමුත් ඒ වෙනුවෙන් තම පතිවත දන් දිය යුතු නැත. එසේම එදිනට පමණක් බොහෝ වියදම්කොට තෑගී දෙනවා වෙනුවට ඔහු හෝ ඇය වෙනුවෙන් තම යුතුකම් කොටස ආදරය ආරක්ෂාව මිතුරු බව දිනපතා ලබාදිය හැකිනම් එය ආදරවන්තයන් ලෙස සැමදා ජීවත් වීමට හේතුවක් වේවි. එවිට ඖරුද්දේ දින 365න එක දිනයක් නොව දින 365ම ආදරවන්තයින්ගේ දින වෙනු ඇති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.