ආබාධිත රණවිරුවන් අවුරුදු 55න් පසු මිය යා යුතුද ?

sl_wheelchair_soldierආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප අවුරුදු 55න් පසු සාමාන්‍ය රජයේ සේවකයෙකුගේ තත්වයට අඩු කිරීමට රජය කටයුතු කරන බවත් එසේ නොකර සියලු දීමනා මිය යන තෙක් ලබා දෙන ලෙසත් ඉල්ලා සමස්ත ලංකා ආබාධිත රණවිරුවන්ගේ සංගමය මාධය හමුවක් පවත්වනු ලැබුවා.

ප්‍රථමයෙන් සිහිපත් කළ යුත්තේ ඔවුන් ඇස මස් ලේ අත් පා අහිමි කරගත්තේ ගමේ හොර පොල් කැඩීමට ගොස් නොවන බවයි.

ඔවුනට මේ සියල්ලම අහිමි වුයේ අද වේදිකා ගානේ මරහඩ තලනා කාඩ්බෝඩ් වීරයන්ගේ සිට පාරේ හිගමන් යදිනා ඔබෙත් මගෙත් ඇත පා ඇස ඉස් මස් ලේ ආරක්ෂා කරන්නට යුධ පෙරමුණේ සටන් කිරීමෙන් බවයි.

කොටින්ම කියතහොත් අද ඔබ මා ගන්නා හුස්මක් හුස්මක් පාසා තිබෙන්නේ මේ දෙරණ සිපගත් ඔවුන්ගේ සුසුම් හඩයි.

එහෙව් ඔවුනට ඉදිරියට විත් තමාගේ දීමනාව ඉලීමට සිදුවන තත්වයකට කිසිවෙකුත් පත් කරනවානම් ඒ එහෙම කරනා උන්ගේ ගුණමකු භාවයම මිස වෙන කුමක් කියන්නදැයි අපට වැටහෙන්නේ නැත.

පසුගිය දිනක ප්‍රවුර්තියක සඳහන් වුයේ  මන්ත්‍රී දීමනාව වැඩි කරන්නට ගෙන ආ යෝජනාවක් පිලිබඳවය. ඔවුන් ඔවුන්ගේ දීමනාව වැඩි කරගන්නේ රට වෙනුවෙන් කුමක් කලාටදැයි අපි ඔවුන්ගෙන් ප්‍රශ්න කරමු.

සාමාන්‍ය ලෙස විශ්‍රාම ගිය සේබෙලේකුනම් මෙබඳු ඉල්ලීමක් කිරීම අසාධාරණයයි යමෙකුට කිවහැක. එහෙත් මේ දීමනා ඉල්ලන්නේ රටවෙනුවෙන් තම ජීවිතයම අදුරු කරගත්ත්වුන්ය.

සමහරුන්ටනම් ඔවුන් 8 පාස් ගමේ කොල්ලන් විතරක් වනු ඇත එහෙත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔවුන් මව් භූමියේ වීරයන්ය.

රට කරවන කිසිවෙකුගෙන් වීව අප අසන්නේ එකෙඅම එක පැනයකි ඔවුන් 55න් පසු මිය යා යුතුද. එසේ වීනම් ප්රසිදිධියේ වෙඩි තබා ඝාතනය කිරීම ඔවුනට ඊටත් වඩා සැනසීමක් වනු ඇත.

මේ පිලිබඳ නිසි බලදරන් ගේ ඇස කන් ඇරෙවායි lanka news line හි අප ප්‍රර්ථනා කරන්නෙමු.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.