ආබාධිත සෙබළ පහරදීම පොලිස් නිලධාරීන් පිටින්……………

ranil,wimalජනාධිපති ලේකම් කාර්යාලය අසලදී ආබාධිත හමුදා සාමාජිකයින්ට පහර දුන් පොලිස්‌ නිලධාරීන් සිටී නම් ඔවුන් ඉවත් කිරීම කෙරෙහි අවධානය යොමුකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියත් ඔවුන්ට පහරදීමට නියෝග කසල හෝ පහර දීම වලක්වා ලීමට කිසිත් නෝ කී අය ගැන මුණිවත රැක්කේය. ආබාධිතයන්ට ගහන එක වරදක් බව පිළිගත් ඇමතිවරයා මේ අවස්ථාවේදී භික්ෂුන්වහන්සේ ලා පිරිසක් කටයුතු කළ අන්දම දැඩි දෝෂාරෝපණයට ලක් කළේය.

‘භික්ෂුන්. ආබාධිතයන් උසිගන්වලා ආබාධිතයන් මුවාවෙන් ඇවිත් ප්‍රශ්න ඇතිකරන එකත් වරදක්’

”මමත් මේ කාරණාව ගැන සොයා බලනවා. මේ පිළිබඳව සාකච්ඡාව තිබුණේ ආරක්‌ෂක අමාත්‍යාංශයේ. ඒ සාකච්ඡාවේදී ඉල්ලා තිබූ සියලුම ඉල්ලීම් ලබාදුන් පසු කොහොමද මේ සිද්ධිය ඇතිවුණේ කියලා සොයා බලන්න ඕනේ. එතැනට ආබාධිත සංඝයා වහන්සේලා ආවේ කොහොමද කියන එකත් විශාල ප්‍රශ්නයක්‌. ආබාධිත කියන්නේ බුද්ධාගමෙන් ආබාධිත වෙලා.’ යැයි අගමැතිවරයා පැවසීය.

‌ප්‍රතිචාරය පළවුණේ විමල් වීරවංශ ගෙනි ‘ දුටුගැමුණු මහ රජතුමා එළාර එක්‌ක සටනට යද්දී මහා සංඝරත්නයත් ගියා. අගමැතිතුමා නොදන්න කතා කියන්න එපා. අපේ රණවිරුවන් සමගත් මහා සංඝරත්නය හිටියා. කැපවුණා. ඒක නොදන්නා අගමැති ගැනයි මට ප්‍රශ්නය’.

ඉක්මන් ප්‍රතිචාරයක් පල කිරීමට රනිල් වික්‍රමසිහ පසුබට වුනේ නැත ‘ දුටුගැමුණු රඡ්ජුරුවෝ කිසි දවසක ප්‍රභාකරන් සමඟ ගිවිසුමක්‌ ගහලා මාගම සිංහාසනය ගත්තේ නෑ’ යැයි පැවසීය.

මේ කථා බහ සිදුවෙන  අතරවාරේ ආබාධිත සෙබළුන්ට වැඩ කිඩ පෙන්වූ නිලධාරීන් තමන්ට වැඩ තහනම්ක ළහොත් කුමක් කරන්නේද කියා කල්පනා කරමින් සිටිනවා විය හැකිය.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.