ආර් සම්බන්ධන් මිය ගිය සරසවි සිසුන් දෙදෙනාගේ දෙමවුපියන් හමු වෙලා……….

r-sambandanදිනසේන රතුගමගේ

පසුගිය ඔක්තෝම්බර් 20 වනදා යාපනය කුලප්පිඩ්ඩි මන්සන්ධියේදී මිය ගිය සරසවි සිසුන් දෙදෙනාගේ දෙමාපියන් හා ඥාතීන් හමු වී ඔවුන් සමග සාකච්ඡා කිරීමට විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා එම නිවෙස් වෙතට ගොස් ඇත. එහිදී පළමුව යාපනය චුන්නාකම්හි පදිංචි මිය ගිය විජය කුමාර් සුලක්ෂණ සිසුවාගේ නිවසවෙතට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.සර්වන බවන් මහතාද සමග විපක්ෂ නායක වරයා ගොස්ඇති අතරඑහිදී විජය කුමාර් සුලක්ෂණ සිසුවාගේ දෙමාපියන් සමග සාකච්ඡා කරන ලදි.

අනතුරුව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා සමග විපක්ෂ නායක වරයා කිලිනොච්චිය භාරතීපුරම්හි පදිංචිව r. sambandanමිය ගිය නඩරා ගජන් සිසුවාගේ නිවස වෙතටද ගොස් සිසුවාගේ දෙමාපියන් සමග සාකච්ඡා කරන ලදි. මෙම සාකච්ඡවේදී සිසුන් දෙදෙනාගේම දෙමාපියන් හා ඥාතීන් වෙතට විපක්ෂ නායක වරයා දැනුම් දී ඇත්තේ සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් තමන් මෙන්ම තම පක්ෂයේ හා රජයේ බලවත් කනගාටුව ප්‍රකාශ කරන අතරම මෙම සිදුවීම් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරික්ෂණයන් කඩිනමින් සිදු වන නිසාවෙන් වරද කරුවන්ට ඉතා ඉක්මනින් දඩුවම් ලැබෙනු ඇති අතරම එම පරික්ෂණ වාර්ථා වලින් අනතුරුව ජනාධිපති තුමන් සමග සාකච්ඡා කොට සිසුන්ගේ මිය යාම් සම්බ්න්ධයේන් ලබා දෙන වන්දි මුදල් ලබා දීමට පියවර ගන්නා බවටයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.