ආවාට සල්ලි ලැබෙන්නේ ඔවුන්ගේ ඥාතීන්ගෙන්… සාගල උත්තර දෙයි…….

sagala-ratnayakaබ්‍රසිලයෙන් ගෙනා කඩු පාවිච්චි කරමින් නවීන පන්නයේ යතුරු පැදි බාවිතා කරමින් යාපනයේ ජනතාව බිය වද්දා කප්පම් ගන්නා ආවා කල්ලියට මුදල් ලැබෙන්නේ විදේශ රටවල සිටින ඔවුන්ගේ ඥාතින්ගෙන් යැයි නිතිය සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක පාර්ලිමේන්තුවේදි ඊයේ (15) ප්‍රකාශ කළේය.

බ්‍රසිලයේ නිෂ්පාදිත කඩුව මොවුන්ට ලැබි ඇත්තේ දකුණු ඉන්දියාවේ සිට පැමිණි මොවුන්ගේ සාමාජිකයෙකුගෙන් බවද ඔහු කීවේය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක ස්ථවාර නියෝග 23/2 යටතේ ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මෙසේද කීය.

යාපනය අම්මාන් කෝවිලේ පැවැති උත්සවයකදී පාර්ශව දෙකක් අතර ඇති වූ ගැටුමකට පසුව එක් පාර්ශවයක් තම ප්‍රතිවාදි පාර්ශවයට පහරදිම සඳහා ඒකරාශී වූ කණ්ඩායමක්. පසුව මේ තරුණ පිරිස යාපනයේ මැර ක්‍රියා කරන්න පෙළඹුනා. ඔවුන් ආවා කණ්ඩායම ලෙස හදුන්වන්නට පටන් ගත්තා. මෙහි නායකයා යාපනය කන්නිඅම්මාන් කෝවිල අසල පදිංචි කුමරේෂ් විනෝදන් නැමැත්තෙක්. ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. එම සංවිධානයේ බහුතර සාමාජිකත්වය වයස අවුරුදු දහ අට, විසිපහ අතර තරුණ අය. මේ තරුණ පිරිස යාපනය අර්ධද්වීපය තුළ විවිධ කොල්ලකෑම්, විශ්ව විද්‍යාල සිසුන්ට බිය වද්දා පහරදීම්, කප්පම් මුදල් ලබා ගැනිම් වැනි අපරාධ සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වි තිබෙනවා.

ඔවුන්ගේ මෙම ක්‍රියාකාරකම් තුළින් අසරණ පවුල්වල තරුණයින් සමාජය තුළ කැපී පෙනීම සඳහා කණ්ඩායම වෙත සම්බන්ධ කර ගැනිමට කටයුතු කරනවා. පසුගිය කාලයේ කොන්ත්‍රාත් ක්‍රමයට ඔවුන් අපරාධ කළ බවටත් තොරතුරු සොයා ගෙන තිබෙනවා.
මෙම කණ්ඩායමේ සාමාජිකයන් විවිධ අපරාධවලට සම්බන්ධව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. අධිකරණය ඔවුන් බන්ධනාගාරගත කර ඇප මත මුදා හළ අවස්ථා තිබෙනවා. වැරදිකරු කර දඩමුදල් ගෙවු පසු ඒ කටයුතු සිදුකර තිබෙනවා. ඒ වගේම බන්ධනාගාර ගත කර සිටියදී දරුණු ගනයේ අපරාධකරුවන් සමඟ යම් යම් සම්බන්ධකම් පවත්වා තිබෙනවා.
මේ කණ්ඩායමේ සංඛ්‍යාව හැට දෙකක් පමණ සිටි බව තමයි හදුනාගෙන තිබෙන්නේ. දැනට ඉන් තිස් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන හය දෙනෙකු සම්බන්ධව විමර්ශන කටයුතු කරගෙන යනවා. තිස්දෙදෙනෙකු සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ගවලට ගිහින් තියෙනවා.

මෙහි ප්‍රධාන නායකයන්යැයි කියන අට දෙනෙකුව අපි සොයමින් සිටිනවා. මුල් නායකයා බන්ධනාගාරගතව සිටින නිසා දැන් ඉන්නේ අලූත් නායකයෙක්. මේ අය ත්‍රස්තවාදි ක්‍රියාවලට පෙළඹීමක් නැහැ. මොවුන් අත බොහෝ මුදල් තිබෙනවා.
ඔවුන්ට මේ මුදල් ලැබෙන්නේ විදේශගත ඥාතින්ගෙන් බවට විශ්වාස කරනවා. මේ අය අතර නවීන පන්නයේ යතුරුපැදි තිබෙනවා. පළමු කඩුව ඇවිත් තියෙන්නේ දකුණු ඉන්දියාවේ සිට පැමිණි සාමාජිකයෙකුගෙන්. එය බ්‍රසිලයෙන් ගෙන ආ කඩුවක්. මෙහි කම්හල්වලින් තව කඩු කිහිපයක් නිෂ්පාදනය කර තිබෙනවා. කඩු නිපදවිම ප්‍රතික්ෂේප කළ කම්මල්කරුවකුවත් ඔවුන් කැපු කෙටු සිද්ධියක් වාර්තා වෙනවා. අපි විමර්ශන කරගෙන යනවා. ආරක්ෂක රාජ්‍ය ඇමති සඳහන් කළ හමුදා සාමාජිකයා යුද හමුදා ස්වේච්ඡා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සාමාජිකයෙක්. සේවයට ඔහු මාස ගණනාවක සිට වාර්තා කර නැහැ. හමුදාවේ සම්බන්ධයක් තිබේදැයි තවම විමර්න කරමින් සිටිනවා.

අනුර දිසානායක මහතා –
පොලිසිය, හමුදාව මෙසේ විමර්ශනය කරමින් තිබියදි ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න කැබිනට් තිර දැනුම් දිමේ මාධ්‍ය සාකච්ඡාවේදි ආණ්ඩු ස්ථාවරය කියා සිටියා මේ ආවා කල්ලියට හමුදාවේ සම්බන්ධයක් තියනවා කියා. ඒක අතිශය බරපතලයි. සරත් ෆොන්සේකා කියනවා හමුදාවේ සම්බන්ධයක් තිබෙනවා නම් ගෝඨාභය රාජපක්ෂ විසින් මෙය නිර්මාණය කරන්න ඇති කියලා. මෙැවනි ප්‍රකාශ කරන්නේ ඇයි. මොකක්ද ආණ්ඩුවේ ස්ථාවරය.

කතානායක කරු ජයසූරිය මහතා – ඇමතිතුමා වර්තමාන තත්ත්වය ප්‍රකාශ කලා. මෙතන දැන් තියෙන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති පිළිබඳ කතාවක්

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.