ආවා කල්ලියේ එකෙක් හමුදාවෙන් පැන ගිය සොල්දාදුවෙක්.. ඒ නිසා රාජිත වැරදි නෑ… රාජ්‍ය ආරක්ෂක ඇමති…….

Ruwan Wijewardeneයාපනය කේන්ද්‍ර කර ගිනිමින් ක්‍රියාත්මක වන ආවා කල්ලියේ සාමාජිකයන් ලෙස අත්අඩංගුවට ගත් තිදෙනාගෙන් එක් අයෙකු යුද හමුදාවෙන් පැන ගිය අයෙකු බවට තොරතුරු හෙළිව ඇතැයි ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන පාර්ලිමේන්තුවේදි ඊයේ (15) ප්‍රකාශ කළේය.

හමුදා සේවයේ සිට යළි සේවයට වාර්තා නොකළ මෙම දමිල නිලධාරියා මෙම කල්ලිය සමඟ එක්ව කටයුතු කළ බව පිළිගෙන තිබෙන බැවින් ඇමති රාජිත සේනාරත්න කළ ප්‍රකාශයෙන් වරදක් නොමැති බවද ඔහු කීවේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක ස්ථාවර නියෝග 23/2 යටතේ මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන මෙසේද කීය.

ආවා කණ්ඩායම උතුරේ මෝටර් සයිකල් කල්ලියක්. ඔවුන් යම් කාලයක් තුළ ඒ ප්‍රදේශයේ ජනතාවට හිරිහැර කරමින් කප්පම් ඉල්ලමින් ව්‍යාපාර ගෙන යනවා. එනිසා තමයි මම මීට පෙර ප්‍රකාශ කර සිටියේ මෙය හමුදාවෙන් මෙහෙයවන කණ්ඩායමක් නොවෙයි කියලා.

යුද හමුදාවට කිසිම අවශ්‍යතාවයක් නැහැ මෙවැනි කල්ලියක් මෙහෙයවන්න. රාජිත ඇමතිතුමාගේ ප්‍රකාශයේ වරදක් නැහැ. මොකද දැනට අත්අඩංගුවට ගෙන සිටින ආවා කල්ලියේ තුන් දෙනාගෙන් එක් අයෙක් හමුදා නිලධාරියෙකු ලෙස සේවය කර තිබුණා. ප්‍රශ්න කරද්දි ඔහු කියා ඇත්තේ හමුදාවෙන් ඉවත් වුනා කියලායි. ඔහු දෙමළ ජාතික නිලධාරියෙක් හමුදාවෙන් ඉවත් වෙලා මේ කල්ලිය සමඟ එක්ව වැඩකරන බවයි කියා ඇත්තේ. හමුදාවේ හිටපු තවත් නිලධාරින් මේ කල්ලිය සමඟ වැඩ කරන්න ඇති. ඒ නිසා හමුදාවේ හිටපු නිලධාරින් තවත් මේ කල්ලිය සමඟ සිටී ද කියා පරික්ෂා කරනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.