ආවා කවුද?… අනුර අසයි..

Anura Kumara Dissanayakaආවා කල්ලියට යුද හමුදාව සම්බන්ධ බවට හා නැති බවට ආණ්ඩුවේ පාර්ශව කරනා ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය කුමක්දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (15) ප්‍රකාශ කළේය. ස්ථාවර නියෝග 23/2 යටතේ ප්‍රශ්නයක් මතු කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මෙසේ ද කීය.

පසුගියදා යාපනයේදී මෝටර් සයිකලයක ගමන් ගත් සරසවි සිසුන් දෙදෙනෙකුට පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කිරිමේ සිදුවිම සමඟ කරන ලද පැහැදිලි කිරිමක දී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා උතුරේ ෙආවාෙ නමින් සන්නද්ධ කණ්ඩායමක් මෝටර් සයිකල්වලින් සැරිසරන බව පළමුවරට හෙළිදරව් කළා.

එම කණ්ඩායමට හමුදාවේ ඇතැම් කොටස් සමඟ සම්බන්ධයක් ඇති බව තමන් දන්නා බව ආණ්ඩුවේ සම කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කරනු ලැබුවා. මීට පසු අවස්ථා දෙකකදී උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාද එම කණ්ඩායමට හමුදාව සමඟ කිසිදු සම්බන්ධයක් නැතැයි කියා සිටියා. පසුගිය 06 දා ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශකවරයා නැවතත් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් තමන්ගේ මුල් අදහස නැවත තහවුරු කර සිටියා.

යම් සිදුවිමකදී පුද්ගලයින්ට විවිධ අදහස් තිබිය හැකි නමුත් ආණ්ඩුව වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කිරිමේදී පෞද්ගලික අදහස් නොව ආණ්ඩුවේ අදහස ප්‍රකාශ වනු ඇතැයි ජනතාව අපේක්ෂා කරනවා. මේ තත්ත්වය තුළ ආවා කල්ලිය හමුදාවට හෝ හමුදාවේ ඇතැම් නිලධාරින්ට සම්බන්ධ බවට සබදතා ඇති බවට අදහසක් ප්‍රකාශයට පත්වීමේදි එය කෙරෙහි මහජන අවධානය යොමුවිම අතිශය සාධාරණ වන අතර විවිධ අරමුණු වෙනුවෙන් කරනු ලබන මෙවැනි ප්‍රකාශ බරපතල බවට සැකයක් නැහැ.

එසේම උතුරු පළාත් ආණ්ඩුකාරවරයාද ආණ්ඩුවේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ද ආවා කල්ලිය සමඟ හමුදාවේ කිසිදු සම්බන්ධයක් නැති බව පවසා තිබෙනවා. ඔවුන් මෙම කරුණු පවසන්නේ කව්රුන් විසින් තහවුරු කරන ලද කරුණු අනුවදැයි අපහැදිලියි.

මේ තත්ත්වය තුළ පැන නගින පහත ගැටලූවලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.
1. අවා කණ්ඩායම සම්බන්ධයෙන් මේ වන විට සොයා ගෙන ඇති කරුණු මොනවාද
2. අවා කල්ලිය හමුදාවට හෝ හමුදාවේ ඇතැම් නිලධාරින්ට සම්බන්ධ බවට සබඳතා ඇති බවට කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් පවසා ඇත්තේ ඇයි? ඒ කුමන කරුණු පදනම් කරගෙනද?
3. එම කල්ලිය සමඟ හමුදාවට සම්බන්ධයක් නැතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් පවසා ඇත්තේ කුමන කරුණු පදනම් කරගෙනද?
4. මෙම පරස්පර අදහස් සම්බන්ධයෙන් ආණ්ඩුවේ මතය කුමක්ද

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.