“ආවා ගෲප්” කල්ලියට කප්පම්දීම ප්‍රතික්ෂේප කල ව්‍යාපාරිකයෙක්ව කපලා

awa groupදිනසේන රතුගමගේ
”ආවා ගෲප්” කල්ලියට කප්පම් ලබාදීම ප්‍රතික්ෂේප කළ යාපනයේ කොණ්ඩාවිල් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුව 31 දා රාත්‍රියේ තියුණු ආයුධ වලින් කපා තුවාල සිදු කොට ඇතැයි යාපනය පොලීසියේ නිලධාරියෙකු පැවසීය.

කඩු සහ පිහියා රැගෙන යතුරු පැදි දෙකකින් පැමිණි හතර දෙනෙකු ව්‍යාපාරිකයාට පහරදී වෙළෙද සැලේ බඩුබාහිරාදිය විනාශ කිරීමට සූදානම් වීමත් සමගම එම ස්ථානයෙන් ජීප් රථයක් ගමන් කිරීම නිසා ඔවුන් හතර දෙනා පළාගිය බව වෙළෙද සැලේ සේවකයෙකු පොලීසියට පවසා ඇත.

jaffnaසැකකරුවන් පලායන අවස්ථාවේදී ව්‍යාපාරිකයාව කඩුවකින් කපා පලාගිය බවද ඔවුන් පලා යන අතරතුර ව්‍යාපාරිකයාට ”හොදයි අපි බලාගන්නම් ”යනුවෙන් පවසා පලාගොස් ඇති බවද පොලීසිය පැවසීය.

මේ අතර වන්නි ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජනරාල් බොනිෆස් පෙරේරා මාධ්‍යවේදීන්ට පැවසුවේ ”ආවා ගෲප්” කල්ලිය මංකොල්ලකෑමේ නිරත කණ්ඩායමක් බවට පොලීසියත් ආරක්ෂක අංශත් හදුනාගෙන ඇති බවයි.

Boniface Pereraමෙම කල්ලියට බියවී දකුණේ ජනතාව උතුරු පළාතට පැමිණීම සම්බන්ධයෙන් කිසිදු බියක් ඇතිකර නොගත යුතු බවද ඔහු කියා සිටියේය.

මෙම කල්ලියේ බලපෑම යාපනය,කිළිනොච්චිය හා මුලතිවු යන පළාත්වලට පමණක් සීමා වී ඇති බව කී ආරක්ෂක ප්‍රධානියා එම තත්ත්වය ඉතා ඉක්මනින්ම මැඩ පැවැත්වීමට ක්‍රියා කරණ බවද පැවසීය.

යුද්ධයෙන් පසුව එළඹි සාම කාලයේදී උතුරු පළාතේ වවුනියාව හා මන්නාරම යන දිස්ත්‍රික්කයන් කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන අන්දමට පාලනය කිරීමට හැකි වී ඇති බව බොනිෆස් පෙරේරා සදහන් කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.