”ආවා ගෲප්” කල්ලියේ බවට සැක හයදෙනෙකු අත් අඩංගුවට

police custodyදිනසේන රතුගමගේ
”ආවා ගෲප්” කල්ලියේ බවට සැකකරණ පුද්ගලයින් හයදෙනෙකු යාපනය පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරගෙන යන බව යාපනය පොලීසියේ නිලධාරියෙකු පැවසීය.

ඔවුන්ගෙන් හතරදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත්තේ 05 වෙනිදා සවසයි. ඔවුන් පොලීසියට ලබාදුන් තොරතුරු වලට අනුව යාපනයේ චුන්නාකම් පළාතෙන් තවත් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බවද යාපනය පොලීසිය පැවසීය.

චුන්නාකම් පළාතෙන් අත් අඩංගුවට ගෙන ඇත්තේ එකම නිවසක ජීවත් වන දෙදෙනෙකි. කොළඹ පොලිස් අපරාධ විමර්ශන අංශයෙ නිලධාරීන් පිරිසක් මේවන විට යාපනයට පැමිණ සිටින බවත් එම කණ්ඩායම යාපනය පොලීසියේද සහය ඇතිව මෙම පිරිස අත් අඩංගුවට ගත් බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.