ආවා හැදුවේ ගෝථා

Rajitha Senaratneඋතුරේ ක්‍රියාත්මකවන “ආවා” නමැති කල්ලිය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුදැනුම මත ගොඩනඟන ලද මැර කල්ලියක් බවත් එය නිර්මාණය කිරීමේ කිසිඳු වැරැද්දක් තමා නොදකින බවත් ඊයේ (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී රජයේ කැබිනට් ප්‍රකාශක, සොඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර තිබේ.

එවකට සිටි හමුදා නිලධාරීන් යොදවා මෙම කල්ලියට මුදල්. ඉඳුම් හිටුම්, සහ මෝටර් සයිකල් ලබා දුන් බව රාජිත සේනාරත්න පැවසීය.

විග්නේශ්වරන් ගෙන් අවවාදයක්

යාපනය පසුබිම් කරගනිමින් අපරාධවල නිරත වන බව කියන ආවා කල්ලිය ඇතුළු මැර කල්ලි යුද හමුදාවේ සහායෙන් කටයුතු කරන බවට දැඩි සැකයක් මතුව ඇතැයි උතුරු මහ ඇමති සී වී විග්නේෂ්වරන් මහතා පැවසීය.

යාපනයේ මේ වනවිට පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් බුද්ධිමත්ව කටයුතු කරන ලෙසට තමන් දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටින බවද විග්නේෂ්වරන් මහතා සදහන් කළේය.

ආවා කල්ලිය, ප්‍රබාකරන් බළකාය, සන්නාගේ කල්ලිය වැනි නම් වලින් සැරිසරන කල්ලි විසින් නිකුත් කළ බව කියන නිවේදනයන් තුළින් දෙමළ ජනතාව වටා කිසියම් අකටයුත්තක් සිදුවන බව මනාව පැහැදිලි වන බවද විග්නේෂ්වරන් මහතා කීවේය.

මුලතිව් මුල්ලියාවේලි මහා විද්‍යාලයේ අද පැවති සංස්කෘතික උත්සවයකට එක්වෙමින් මහ ඇමතිවරයා මේ බව සදහන් කළේය.

‘කඩු පහර එල්ලකිරීමේ සංස්කෘතිය, මත්ද්‍රව්‍ය ජාවාරම්, ස්ත්‍රී දූෂණ මෙන්ම විවිධ ආකාරයෙන් සමාජ වැනසීමේ ක්‍රියාවන් අනුමත කරන්න බැහැ. මේවා පසුපස කවුරුන් සිටීද යන්න දැනදැනත් ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත නොහැකි තත්වයක් පවතිනවා යැයි ඔහු කියා සිටියේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.