ආසියානු කුසලානය ඇරඹේ ශ්‍රී ලංකාව කොතනද ?

Asia_Cup_2016_logo

ආසියානු කුසලානය ඊයේ බංගලාදේශයේදී ආරම්භ කරමින් ඊයේ ඉන්දියාව හා සත්කාරක බංගලාදේශ කණ්ඩායම තරග වැදුණු අතර එහිදී ඉන්දියානුවන් ලකුණු ලකුණු 45කින් ජය ලැබීය.

ශ්‍රී ලංකාව මුහුණදෙන ප්‍රථම තරගය අද එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග පැවැත්වේ. මෙහිදී ශ්‍රී ලංකාවට ඉන්දියාව හා පාකිස්ථානය ප්‍රබල අභියෝගයක් වනු ඇති, මෙවර ආසියානු කුසලානයට ශ්‍රී ලංකාව මුහුණ දෙන්නේ තම ප්‍රබලයන් කිහිපදෙනෙක්ම නොමැතිව වීම ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවයි.

මහේල සහ සංගක්කාර නොමැතිව ප්‍රධාන පෙළේ තරගාවලියකට මුහුණ දෙන ශ්‍රී ලංකාවට කුසල් ජනිත්ගේ තරග තහනමද බලපාන්නේ ආරම්භක පිතිකරු ස්ථානයේ හිඩැසක් ඇති කරමින්.

ලසිත් මාලිංග ක්‍රීඩා කලද ඔහුගේද පාදයේ අබාධය තවමත් සම්පූර්නයෙන් සුව නොවී ඇති තත්වයක් තුල ලෝක කුසලාන විස්සයි 20 තරගාවලිය සදහා ඔහු ප්‍රවේසම් වීමද වැදගත්ය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක ක්‍රීඩකයන්ද ඕනෑම අවස්ථාවක දක්ෂතා අතරට පැමිණීමට හැකියාව ඇති ක්‍රීඩකයන් වීම හේතුවෙන් ප්‍රබල ඉන්දියානු කණ්ඩායමට අභියෝගයක් එල්ල කිරීමට හැකියාව පවතී.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.