ඇඟලුම් සේවිකාවගේ ඝාතකයාගෙන් පාපොච්චාරණයක්.

angalumමහියංගන, ගැමුණුපුර ඇගලුම් ආයතනයක සේවය නිමවී තම ඥාති නිවසක් බලා යමින් සිටි 18 වියැති රම්‍යා විදර්ශනී අබේවර්ධන නමැති තරුණිය පසුගිය දා රිදිමාලියද්ද, අලුකැටියාව ප්‍රදේශයේදී දුෂණය කර ඝාතනය කළ සැකකරු ලබන 17 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් දීපශිකා තේනුවර මහත්මිය නියෝග කර ඇති අතර සැකකරු බන්ධනාගර නිළධාරින්ගේ රැකවරණය යටතේ මහියංගන මුලික රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙම සැකකරු තමා විසින් සිදු කළ අපරාධය සම්බන්ධයෙන් පොලීසිය වෙත ඉදිරිපත් කළ පාපොච්ඡාරණය මෙසේ ය.

“ජයා මාමලාගේ ගෙදර නතර වෙන්ඩ ඇවිත් හිටිය කෙල්ලට මට ආසා හිතුනා. දවස් දෙක තුනක් මම දැක්කා. වැඩ ඇරිලා ගෙදර යන හැටි දවස් දෙකතුනක් මම බලාගෙන හිටියා. මම එදා හවස තිලකෙ මාමාගේ කඩේට ඇවිත් බීඩි දෙක තුනක් අරගෙන ඒ කෙල්ල වැඩ ඇරිලා එනකම් බලාගෙන හිටියා. මම මීටර් ගානක් ඈතින් දැක්කා ටෝච් එලියක් එනවා. කාත් එක්ක හරි ෆෝන් එකෙන් කථා කර කර ආවේ. මාව පහු කරගෙන පාරෙ ඉස්සරහාට ගියා. මම හිමිහිට පිටිපස්යෙන් ගිහින් කෙල්ලගේ කට වහලා කැලේට ඇදගෙන ගියා.

කෑගහන හින්දා කැලේට අරගෙන යන ගමන් හොදට කට වහගෙනයි අරගෙන ගියේ. සිහිය නැති වෙන්ඩ ඇති. මම දන්නේ නෑ. අන්තිමට මම බැලුවා. බැලුවා සිහිය ආවේ නෑ. මම එහෙමම ගෙදර ගියා. තෙමිගෙන තමයි ගෙදර ගියේ. ගිහින් කන්ඩ මොනවද තියෙන්නේ කියලා බැලුවා. මුකුත් නෑ කිව්වා.

මාව පොලිසියෙන් හොයනවා. අපි ගෙදරින් යමු කියල මම මගේ වත්මන් බිරිඳ වන ශෂිකලාව කන්ද පැත්තට එක්‌කගෙන ගියා. කන්ද ළඟ පාලු ගෙයක්‌ තිබ්බා. රෑ අපි පාලු ගෙදර හිටියෙ. එහෙම ඉන්නකොට ශෂිකලා මගෙන් ඇහුවා මොකද ඇඟ හැමතැනම තුවාල කියලා. බයවෙලා වගෙයි ඇහුවේ. මම කිව්වා මගේ අතින් මිනිහෙක්‌ මැරුණා කියලා. ඒ මිනිහා මගේ අත හැපුවා. දකුණු අතේ මැඳගිල්ලේ තිබුණු තුවාලය පෙන්නමින් මම කිව්වෙ. පහුවදා පාන්දරම මම ගෙදර ඇවිත් මගේ හැඳුනුම්පතයි, වස කැට ටිකකුයි, වතුර බෝතලයකුයි අරගෙන ආපසු කැලේට ගියා. ගෙදර කව්රුත් හිටියේ නෑ. එදා රෑ වෙලා කැලේ ගුහාවක හිටියා. ඉඳලා ගමේ හේනකට ඇවිත් පැලේ තිබුණ මුට්‌ටි, භූමිතෙල්, මඤ්ඤොක්‌කා ටිකක්‌ ගලවගෙන ආපහු කැලේට ගිහින් ගල් ගුහාවකට වෙලා මඤ්ඤොක්‌කා තම්බලා කෑවා.

උදේ බලනකොට ගමේ කලබල. ගමේ කට්‌ටියයි පොලිසියයි කන්ද වට කරලා. අපි කන්දෙ දිව්වා. බේරෙන්ඩ බෑ කියලා තේරුණ හින්දා ‘අපි දෙන්නම වස බීලා මැරෙමු’ කියලා අපි වස බිව්වා. ඊට පස්‌සේ තමයි දෙන්නම පොලිසියට අහු වුණේ”

සැක කරුගේ බාලවයස්කාර බිරිඳ ද සැකකරු විසින් වස පෙවීම හේතුවෙන් ප්‍රතිකාර සදහා මහියංගන මුලික රෝහලේ 03 වාට්ටුව සදහා ඇතුලත් කරනු ලැබු අතර ප්‍රතිකාර ලබා ගැනිමෙන් පසු මේ වන විට වාට්ටුවෙන් පිටව ගොස් ඇත.

පොලිසිය වෙත කට උත්තරයක් ලබා දෙමින් ඇය පවසා ඇත්තේ “මේ වගේ අපරාධකාරයොන්ට නම් ආයිත් එලියට නම් එන්ඩ දෙන්න එපා. පුලුවන් උපරිම දඬුවම් දෙන්ඩ ඕන. මම දන්නේ නෑ ගෑණු ළමයෙක් මැරුවා කියලා. මට කිව්වේ ඇගිල්ල හැපුව හින්දා පිරිමි කෙනෙක් මැරුවා කියලා. මිනිහෙක් මැරුවානම් මට ඔයත් එක්ක ඉන්න බෑ කියලා මම ආපහු මගට ආවා. බය නිසා මම ආපහු සුරංගත් එක්ක ගියේ. කරන්ඩ දෙයක් නැති නිසයි සුරංගත් එක්ක කැලේට ගියේ. මට පස්සෙ තමයි ආරංචි උනේ කෙල්ලෙක් මරලා තියෙන්නේ කියලා. එයා මාවත් රැවැට්ටුවා..මාවත් රවට්ටලානේ අරගෙන ගියේ. එයා එක වරදක් නෙවෙයිනෙ කරලා තියෙන්නේ” යනුවෙනි.

එසේම කටඋත්තර ලබාගත් පොලිස් නිළධාරියාගෙන් “මරලා තියෙන කෙල්ලගේ ෆොටෝ එකක් මට පෙන්නන්නකෝ” යැයි ඉල්ලිමක් කරන්නට තරම් ඇය සංවේදී වී තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.