ඇඟ බේරගන්න ඕන උනාම අපේ නම් කියාවි. – මහින්ද

mr            තම පවුලේ සාමාජිකයින්ගේ නම් භාවිතා කරමින් වැරදි කළ පුද්ගලයින් ඉන් බේරීම සඳහා උත්සාහ කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසූවේ ඊයේ(10) කොළඹදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

තම පවුලේ සාමාජිකයින්ට මේ වනවිට විවිධ අසත්‍ය චෝදනා එල්ලකරමින් තිබෙන බව ඔහු පෙන්වා දෙයි.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසී ය.

“දැන්  හුඟක් දෙනා අර ගෝඨාභයට කරලා තියෙන්නේ. අරයා කිවුවේ ඇවන්ට්ගාඩ් අල්ලලා දීපන් ගෝඨාභය කියලා. අනිත් ‍ඔක්කොම කියන්නෙත් මේකට අල්ලලා දීපන් නාමල්ව. මේකට අල්ලපන්. උඹට ගෙදර යන්න ඇහැකි. එහෙම ගිහිල්ලා කට උත්තර ලියවනවා. මැජිස්ට්‍රේට්ලා ගාවට ගිහිල්ලා ලියවලා ඒ කට්ටිය ඇඟ බේරගන්නවා. මොකද වැරදිකාරයෝ ඇඟ බේරගන්න ඕන වුණාම අපේ නම් කියාවි.”

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.