ඇදෙන් වැටී හමුදා සෙබලෙකු මරුට

dead on bedඇඳේ නිදා සිටියදී බිමට වැටිමෙන් හමුදා සෙබලෙකු මියගිය පුවතක් ගල්පාත ප්‍රදේශයෙන් වාර්තා වේ. මිල්ලනිය පොලිසිය පවසන පරිදි මෙසේ මියගොස් ඇත්තේ කසුන් චතුරික නැමති කුරුවිට හමුදා කදවුරට අනුයුක්තව සේවය කළ 30 හැවිරිදි වියේ පසුවෙන එක් දරු පියෙකි.

ගල්පාත පිහිටි ඔහුගේ බිරිදගේ නිවසේ නතරවි සිට ඇති අතර පසුගිය 19 වන දා සවස නිවසට පැමිණ නා රාත්‍රි කැමද ගෙන පසුදින (20) යුධ හමුදා රෝහලේ සායනයකින් ප්‍රතිකාර ගැනිමට යාමට අවශ්‍ය සුදානම් කොට නින්දට ගොස් ඇත.

අළුයම් කාලයේ ඔහු දගලමින් ඇදෙන් බිමට වැටෙන අයුරු දුටු බිරිද ඔහුව ගල්පාත රෝහලට ඇතුලත් කිරිමට කටයුතු කර තිබේ. මියගිය යුධ හමුදා සෙබලාගේ මරණ පරික්ෂණය ගල්පාත හදිසි මරණ පරික්ෂක දිපාල් ඖෂධරත්න විසින් පැවැත්වු අතර වැඩිදුර පරික්ෂණ සදහා මෘත ශරීරය හොරණ මුළික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත එවිමට කටයුතු කර ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.