ඇමතිවරුන්ට සීනි තිත්ත වූ හැටි

sugar caneඇමතිවරුන් කිහිප පලක් අතරේ මතුවී ඇති සීනි ප්‍රශ්නය දුර දිග යන බවක් පෙනෙන්නට තිබේ. පසු ගිය අමාත්‍ය මණ්ඩල රැස්වීම උණුසුම් වුයේ අමාත්‍ය රිෂාඩ් බදුර්දින්ගේ අමාත්‍යාංශය සතු උක් වතු හා සිනි කම්හල් වල කටයුතු පවත් වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් සාකච්ජාවක් ඇති වූ අවස්තාවේදීය. අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියේ මෙම සීනි  ආශ්‍රිතව එතනෝල් නිෂ්පාදනය කිරීමේ ප්‍රශ්නය පිලිබදවයි. ඒ අතරම විවෘර්ත  වෙළඳ පොලේ සිනි කිලෝවක ඉල්ල්ලුම රුපියල් 72කට අලෙවි කල හැකිව තිබියදී බදුර්දින් අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය සීනි කිලෝව රුපියල් 60කට විකුණා එක් කිලෝවකින් රුපියල් 12 බැගින් පාඩු ලබමින් සිටින බවයි රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයා කියා සිටියේ. මද්දුම බණ්ඩාර අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලය උනුසුම් කරද්දී හිටපු සිනි ඇමතිවරයෙක් වන ලක්ෂ්මන් සෙනවිරත්න මහතා මෙන්ම සිනි කම්හල් හිමියෙකු වූ දයා ගමගේත් සංවාදයට එක්විය.

එතනෝල් පිලිබඳ සාකච්ජාව දුරදිග යද්දී රංජිත් මද්දුම බණ්ඩාර කියා සිටියේ ඒ පිළිබඳව පරීක්ෂණයක් අරාබිය යුතු බැවයි. සියල්ල සාවදානව අසාසිටි ජනාදිපති මෛත්‍රීපල සිරිසේන මහතා කියා සිටියේ මේ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීම සුදුසු හෙයින් ඇමති  රංජිත් මද්දුම බණ්ඩාර හා ඇමති ලක්ෂ්මන් සෙනවිරත්න යන මහත්වරුන් සතු තොරතුරු ඇත්නම් ඒවා ලිඛිත පැමිණිල්ලක් ලෙස තමන් වෙත ඉදිරිපත් කරන ලෙසයි. මේ දිනවල මද්දුම බණ්ඩාර හා ලක්ෂ්මන් සෙනවිරත්න යන ඇමතිවරුන් එම තොරතුරු ගොනු කරමින් සිටින අතර මේ සම්බන්දයෙන් රිෂාඩ් බදුර්දින්ගේ කියා සිටින්නේ තමන් දැඩි පියවරක් ගැනීමට පසු බට නොවන බවයි. මේ අතර වාරයේ කතාවට එක්වූ දයා ගමගේ කියා සිටියේ පසු ගිය ආණ්ඩුව තමන්ගෙන් හිගුරාන සිනි කම්හල උදුරාගත් නිසා ඒ සම්බන්ධයෙන් තමන්ට දැන්වත් සාධාරණ  වන්දියක් ලබා දිය යුතු බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.