ඇමති මනෝට තදවෙයි

Mano Ganesanනිව්යෝක් හි පැවැති එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසි වාරයට සහභාගී වූ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන කැබිනට් ඇමති මණ්ඩල රැස්වීමට සහභාගී වූයේ පිටු 11 ක ලේඛනයක් සමගින්. මෙම පිටු 11 ලේඛනයට අන්තර්ගත වූයේ සංහිදියාව පිලිබඳ ජාතික ප‍්‍රතිපත්තියයි. මෙම ප‍්‍රතිපත්තිය මූලික වශයෙන්ම සකස් කර තිබුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ශිටපු ජනාධිපතිවරියගේ ප‍්‍රධානත්වයෙන් යුත් ජාතික සංහිදියා කාර්යාංශය මගින්.

ජාතික සංහිදියාව පිලිබඳ ඇමතිවරයා වන තමන්ගේ දායකත්වයක් නොමැතිව මෙවැනි ප‍්‍රකාශයක් කිරීම ගැන ඇති මනෝ ගනේෂන් තම අප‍්‍රසාදය පල කලේය. මේ පිලිබඳව අදහස් දැක්වීමට හා වැඩිදුර දායක වීමට අවස්ථාව දෙන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඇමතිවරයාට කියා සිටියේය. පිටු 11 කින් සමන්විත මෙම සවිස්තරාත්මක ලේඛනය තුල වැඩි වශයෙන්ම ඇත්තේ පැරණි රාජ්‍ය නොවන සංවිධාන වල වචන කට්ටලයයි. බහු පාර්ශවය එළඹුනොත් ජාතික ප‍්‍රතිපත්තයක් පොදු අනාගතයක් පූර්ව සහභාගීත්වයක් ජාතික ප‍්‍රතිපත්ති රාමුවක් ස්තී‍්‍ර පුරුෂ සමානාත්මතාවය අවධානය ආදී පැරණි වචන කට්ටලය තුල හුවා ඇති සංකල්ප ගනනාවක්ම මෙම ලේඛනය තුල දක්නට ලැබේ.

මේ පිලිබඳ අදහස් පල කල මාධ්‍ය වේදියෙක් කියා සිටියේ ජාතික සංහිදියාව පිලිබඳ කරුණු වලදී ජනතාවගේ හඬට සවන්දෙන්නේ කෙසේද සහ දැවෙන ප‍්‍රශ්න වලට පිළිතුරු සපයන්නේ කෙසේද යන මූලික ගැටලූවට මේ කෙටුම්පත තුලින් පිළිතුරු ලැබෙන්නේ නැති බවයි. අනෙක් අතට රාජ්‍ය තුල මනාව නිර්වචනය නොවූ භූමිකාවක් රඟපාන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පෙරටු කොට මෙම ප‍්‍රශ්නය විසදිය හැකිදැයි තවත් පිරිසක් ප‍්‍රශ්න කරති.

ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් අදහස් දැක්වූ දිනේශ් ගුණවර්ධන කියා සිටියේ තමන්ට මේ කෙටුම් පත පිලිබඳව අදහස් පලකිරීමට අවස්ථාවක් ලැබී නැති බවයි. අනෙක් අතට මේ පිලිබඳව අදහස් දක්වන රාජ්‍ය තාන්ත‍්‍රීක විමර්ශකයින් කියා සිටින්නේ හුදෙක් කතාවට පමණක් සීමා නොවී මේ ආකාරයේ සවිස්තරාත්මක ලියවිල්ලක් ඉදිරිපත් කිරීම අගය කල යුතු බවත් මෙම සංවාදය පෙරට ගෙනයා යුතු එකක් වන බවත්ය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.