ඇමති රවීගෙන් අයුතු බලපෑම්

ravi-karunanayakeශ්‍රී ලංකා මහ බැංකුවේ ආරක්‍ෂක සේවය ලබාගැනීමට ඉදිරිපත්කර ඇති ටෙන්ඩරයට මුදල් ඇමති රවි කරුණානායක අයුතු බලපෑමක් කොට ඇත

ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ හිටපු බෑනා වන ධනුන තිලකරත්න මහතා අධ්‍යක්ෂ ධූරයක් දරණ යුනයිටඩ්ගා ර්ඩ්ස් ග්ලෝබල් පුද්ගලික සමාගම (United Guards Global (Pvt) Ltd) කෙටි ලයිස්තුවට (Short List) ඇතුළු කරන ලෙස මුදල් අමාත්‍ය රවීකරුණානායක මහතා ලිපියකින් දැනුම් දී ඇත්තේ වාචික දැනුම් දීමකින් අනතුරුව බව ආරංචි වේ.

ලිපියකින් ලිඛිතව ලිපියක් ලියමින් ඉල්ලා තිබේ.

අදාළ, ලිපිය මුදල් අමාත්‍යවරයාගේ ලිපි ශීර්ෂයක් යටතේ, මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්සාමි මහතා වෙත ඉදිරිපත් කොට ඇති අතර එය විවිධ මාර්ග ඔස්සේ බෙදා හැරීමට පිරිසක් කටයුතු කරමින් සිටිති.

මුදල් ඇමතිවරයාට හිතුමතේ කටයුතු කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මැදිහත්වන බව ප්‍රසිද්ධ රහසකි. දැන් මේ සිදුවීම හේතු කොට ගෙන ඇමති රවි කරුණානායක හට දේශපාලන කුණාටුවකට මුහුණ දීමට සිදුවූනත් එය එතරම් ගැටළුවක් නොවනු ඇත.

අයවැය ඉදිරිපත්වෙන කලය තුළදී මුදල් අමත්‍යංශයේ දැන්වීම විශාල ප්‍රමාණයක් මාධ්‍ය වෙත ලබාදීමට ඇමතිවරයා කටයුතු කොට ඇත.

ඇමති රවි කරුණානායක යැවු ලියුම

ravi
ඇමති රවි කරුණානායක යැවු ලියුම

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.