ඇමති විජේදාස කාමර නොව ගේම ඉල්ලයි………..

wijedasa-rajapakseලංකා e news වෙබ් අඩ්විය අධිකරණය ට අපහාස කරන බව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේ හෙළිදරව් කිරීමෙන් අනතුරුව එක දිගට නඩු ගොනු වෙමින් පවතී. ලංකා ඊ නිව්ස් කතුවරයා රටින් පන්නා දැමූ පුලන්නෙකු මිස මාධ්‍යවේදියෙකු නොවන බවත් වෙබ් අඩවියේ මුදල් ඉල්ලා දැන්වීමක් දමා තිබෙන බවත් කෙහෙළිය පවුම් 100 ක් විජයදාසට මඩ ගසන ලෙස කතුවරයා වෙත දුන්නොත් තමාට එරෙහිව මඩ ගසන්නෙක් බවත් විජයදාස රාජපක්ෂ පැවසීය.

අගෝස්තු 24දා පළකර ඇති වාර්තාවකින් ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වන කවීන්ද්‍රා නානායක්කාර මහත්මියට බරපතල අපහාසයක් කර ඇතැයි චෝදනා කරමින් ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා අද (25) එම අධිකරණය හමුවේ කරුණු දැක්වීමට තීරණය කර ඇතයි ‘ශ්‍රී ලංකා මිරර්’ වෙබ් අඩ්විය කියා සිටී..
වෙත වාර්තාවේ.

‘රිවිර’ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ අධිකරණයේ දැනට විභාග වෙමින් පවතින නඩුවක් සම්බන්ධයෙන් විනිසුරුවරිය ගත් තීන්දුවක් එම පුවත් වාර්තාව මගින් විවේචනය කර තිබුනේ ”රිවිර කර්තෘට පහර දුන් එකා බේරාගන්න ගම්පහ විනිසුරු බඩුව වලිකයි” යන සිරස්තලයෙන් යුතුවය.

එම නඩු විභාගය අද විභාගයට ගැනීමට නියමිතය.
මේ අතරවාරේ ලංකා e news කතුවරයාට එරෙහිව තවත් පෙත්සම් ගණනාවක්ම ගොනු වී ඇත

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා මේවනවිට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන අතර ඔහු එම තනතුරට පත්කරනු ලැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.rp_ranilwwww.jpg

ජනපතිට හා අගමැතිට බලපෑම් !

මේ අතර, මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත්කරමින්, රාජපක්ෂ පාලනය පලවාහැර යහපාලන ආණ්ඩුවක් ගොඩනැගීමට සුවිශාල කාර්ය භාරයක් සිදුකල ‘ලංකා ඊ නිව්ස වෙබ් අඩවියට හෝ එහි කර්තෘ සඳරුවන් සේනාධීර මහතාට අනිසි බලපෑම් නොකරන්නැයි සිවිල් සංවිධාන කිහිපයක් ජනාධිපතිවරයා ගෙන් හා අගමැතිවරයා ගෙන් ඉල්ලීමක් කර ඇත.

අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව තුලදී එම වෙබ් අඩවිය හා එහි කතුවරයා සම්බන්ධයෙන් සිදුකල ප්‍රකාශයන් පිළිබඳව බලවත් සේ විරෝධය පළකර ඇති එම සිවිල් සංවිධාන නියෝජිතයින්, ‘ලංකා ඊ නිව්ස්’ සහ එහි කතුවරයාට එරෙහිව අධිකරණයට අපහාස කර ඇතැයි චෝදනා කරමින් ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා විසින් පසුගිය 23දා පෙත්සම් 14 ක් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීට බාරදීමේ සිද්ධියද දැඩිලෙස හෙළාදැක තිබේ.rp_maithripala-sirisena-latest.jpg

මාධ්‍යයට සිදුකල තර්ජනයක් :

යහපාලන ආණ්ඩුව බලයට පැමිණ වසර 2 ක් ගත වීමට ආසන්න වුවද රාජපක්ෂ පාලන දශකයේදී ‘ලංකා ඊ නිව්ස්’ කාර්යාලයට ගිනි තැබීම ගැන කිසිදු පරීක්ෂණයක් ආරම්භ නොකර, එම වෙබ් අඩවියට එරෙහිව මෙලෙස කටයුතු කිරීම ‘වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ’ ද (Professional Web Journalists’ Association – PWJA) දෝෂදර්ශනයට ලක්ව ඇත.

එසේම, අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා විසින් සමාජ මාධ්‍ය ජාලා පාලනය කිරීම සඳහා අලුතින් පණතක් කෙටුම්පත් කිරීමද ‘වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ’ විවේචනයට හේතුවී තිබේ.

ඇමතිවරයා විසින් සිදුකල එම ප්‍රකාශයේදී ‘ලංකා ඊ නිව්ස්’ වෙබ් අඩවිය සහ එහි කතුවරයා සම්බන්ධයෙන් සිදුකල ආවේගාත්මක ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින් ‘වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ’ කැඳවුම්කරු ෆ්‍රෙඩි ගමගේ මහතා සඳහන් කළේ, අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්‌ෂ මහතා විසින් නොවැම්බර් 18දා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය මාධ්‍යයට සිදුකල තර්ජනයක් ලෙස සැලකිය හැකි බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.