ඇමති විජේදාස ගේ ISIS හෙළිදරව්වට මුස්ලිම් විරෝධය

ISIS vs Wijedasaශ්‍රී ලාංකික පවුල් හතරකට සම්බන්ධ 32 දෙනෙකු සිරියාවට ගොස් ISIS හෙවත් ‘ඉස්ලාමීය රාජ්‍යය’ කැරලිකාර සංවිධානයට සම්බන්ධ වී තිබෙන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී කළ කථාවට මුස්ලිම් සංවිධාන වෙතින් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සලයේ සභාපති එන් එම් අමීන් පැවසුවේ පසුගිය වසරේ එක් මුස්ලිම් පවුලක් ස්රියාවට ගිය බව වාර්තා වූ නමුත් ඉන් අනතුරුව එවැනි සිදුවීම් වාර්තා වී නැති බවයි. තත්වය මෙසේ තිබියදී පරණ තැටියක් යළිත් වාදනය කිරීම මගින් මුස්ලීම් ජනතාවට එරෙහිව අන්තවාදී ප්‍රචාර ගෙන යන පිරිස් වලට උඩගෙඩි දීමක් වන බවයි.

සිරියාවට ගිය ශ්‍රී ලාංකික මුස්ලිම් පවුල් වල තොරතුරු ආණ්ඩුවට ලබා දී ජමිතුල් උලේමා සංවිධානය විමර්ශන කටයුතු වලට දායක වූ අන්දම අමීන් මහතා මතක් කර දෙයි.

Thableeq Jamath, Sunnath Jamath, Thowheed Jamath and Jamaithe Islam සහ තවත් මුස්ලිම් සංවිධාන අන්තවාදී සංවිධාන සේ හදුන්වා දී ඇතත් මේවා මුස්ලිම්වරුන් වෙනුවෙන් සුභ සාධන කටයුතු කරන සංවිධාන බව කියා සිටිති.

විජේදාස රාජපක්ෂ ඇමතිවරයා ගේ හෙළිදරව්ව පිළිබඳව අප්‍රසාදය පළකරන ජමිතුල් උලේමා සංවිධානය කියා සිටින්නේ තමන් නිරතුරුව අන්තවාදයට එරහිව සටන් කරන් බවයි. බුදු දහමට නිගාවන අන්දමින් අදහස්‌ පල කළ අබ්දුල් රසීක් හට උපරිම දඬුවම් ලබා දෙන්නැයි සොරණාතොට චන්දරතන ස්වාමින් වහන්සේ උසාවියට කරුණු දැක්වූ අවස්ථාවේදී තමන්ද ඊට පක්ෂව කරුණු දැක්වූ  ජමිතුල් උලේමා සංවිධානය කියා සිටී.

මුස්ලිම් ජාත්‍යන්තර පාසල්වලට දේශන පැවැත්වීම පිණිස සංචාරක වීසා ලබාගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන ඇතැම් පුද්ගලයන් කුරුණෑගල, කල්මුනේ, බේරුවල, කල්එලිය වැනි ප්‍රදේශවල මුස්ලිම් දරුවන්ගේ ‘මනස විකෘති කරන බව’ හෙළි වී ඇතැයිද අමාත්‍ය විජේදාස රාජපක්ෂ කළ ප්‍රකාශයත් මුස්ලිම් සංවිධාන විසින් ප්‍රතික්ෂේප කොට ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.