ඇමති විජේදාස ගේ තර්ජනය ගැටලුවට විසඳුමද?…………….

wijedasa-rajapakseඅධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්‌ෂ මහතා පවසන ආකාරයට පවුම් සීයක් ලබා දුන් පසු ඕනෑම මඩක් ගසා ගැනීමට හැකි එක් වෙබ්අඩවියක් තිබේ. අදාළ වෙබ් අඩවියට සහ එහි කතෘවරයාට එරෙහිව පියවර ගැනීම සඳහා හැකි සෑම පියවරක්ම ගන්නා බවත් ඔහු කියා සිටී.

ප්‍රශ්නය වන්නේ ලංකා ඊ නිව්ස් වාර්තාකරණය ගැටළුවක් නම් ඒ සම්බන්ධයෙන් ගත හැකි පියවර තිබියදී ඒ පිළිබඳව තර්ජනාත්මකව කතා කිරීමයි. මාධ්‍යවේදී නිලන්ත ඉලන්ගමුව දක්වන පරිදි මෙය අනාගත අනතුරක සංඥාවකි. රටේ අධිකරණයේ විනිසුරුවරුන්ට ස්වාධීන තීරණයක් ගැනීමට නොහැකි ආකාරයෙන් රටේ මාධ්‍යය අදාළ විනිසුරුවරුන් සහ විනිසුරුවරියන් ගැන මාධ්‍යය වාර්තා පල කිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බව අධිකරණ ඇමතිවරයා කියා සිටින්නේය.

එහෙත් ගැටළුව වන්නේ දරදඬු “ඩ්‍රැකෝනියන්” නීති ගෙන සාදාරණය ඉටු කරන බව අධිකරණ ඇමතිවරයා පැවසීමයි. ඇතැම් sandaruwanවිනිසුරුවරුන්ගේ ක්‍රියාකලාප විවේචනය කිරීමේ අයිතිය “අධිකරණයට අපහස කිරීමක්” ලෙස හුවා දක්වා පැහැර ගැනීමට උත්සහ කිරීමක් මෙහිදී දක්නට ලැබේ. අධිකරණයේ ගෞරවයට හානී කරන විවිධාකාර දුෂිත සහ වංචාකාරී විනිසුරුවරුන් සහ වරියන් ගැන නිතරම වාර්තාවේ.

මේ තත්වය යටතේ ලංකා ඊ නිව්ස් කතුවර සඳරුවන් සේනාධීර ලංකාවට ගෙන්වා ගෙන දණ්ඩනයට ලක් කිරීමෙන් ගැටළුව විසඳෙන්නේ නැත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.