ඇය වෙනුවෙන් අත්සන් කරන්න

මේ පෙත්සමට අත්සන් කරන්න

 

womensaudi

සවුදියේදී ගල් ගසා මර දැමීමට නියමිත ඒ සොහොයුරිය වෙනුවෙන් ජීවිතය ඉල්ලා සිටීමට දහස් ගණනක් මේ මොහො තේ ක්‍රියාකාරීව සිටිති.

මේ අන්තර්ජාල පෙත්සමට හැම තප්පරයදීන අතසන් එකතු වෙන් තිබේ.මිනිසත් බව වෙනුවෙන් ඔබේ හදවතේ යම් ඉඩක් ඇතිනම් මේ පෙත්සමට ඔබේ අත්සනත් එකතු කරන්න.

(කරුණාකර මේ පුවත  හැකි තරම් share කරන්න)

අද නොවේ

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට ගල් ගසා මරා දැමීමට සෞදි අරාබියේ අධිකරණයක් විසින් පනවා ඇති දඬුවම අද සිකුරාදා ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඇතැම් මාධ්‍ය ප්‍රකාශ කර තිබෙන නමුත්, එය අසත්‍ය පුවතක් බව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අස්මි තක්සින් මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් තවමත් නීතිමය කටයුතු පෙරට යමින් පවතින බවත් ඉදිරි දින කිහිපය තුළදී එම කාන්තාව මුණ ගැසීම සඳහා තානාපති නිළධාරීන්ට අවස්ථාවක් ලබා දී ඇති බවත් තානාපතිවරයා ප්‍රකාශ කළේය.

මැද පෙරදිග රටවල මරණ දඬුවම බොහෝ විට ක්‍රියාත්මක කෙරෙන්නේ සිකුරාදා දින වලය.

 

CB48A071-2619-44B7-998A-4683FEBBD7B9_cx0_cy2_cw0_mw1024_s_n_r1

විරෝධතා දෙකක් :

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක ගල් ගසා මරා දැමීමට සෞදි අරාබියේ අධිකරණයක් විසින් දී ඇති නඩු තීන්දුවට එරෙහිව ඊයේ 03) කොළඹදී විරෝධතා දෙකක් දියත් කෙරිණ.

සිවිල් සංවිධාන කිහිපයක් ඒකාබද්ධව කොළඔ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටදීත් ‘සත්හඩ’ පුවත්පතේ සංවිධානයෙන් සවුදි අරාබි තානාපති කාර්යාලය ඉදිරිපිටත් එම විරෝධතා සංවිධානය කර තිබිණ.

කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට පැවති එම විරෝධතාවට සිවිල් සංවිධාන සහ සමාජ ක්‍රියාකාරිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාවී සිටියහ.

විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ සවුදි අධිකරණයක් විසින් මරණ දණ්ඩනය නියම කර තිබෙන ශ්‍රී ලාංකික කාන්තාව නිදහස් කිරිමට කටයුතු කරන ලෙසයි.

සවුදි අරාබියේ ක්‍රියාත්මක වන නීතිය වර්තමාන ශිෂ්ටාචාරයට නොගැලපෙන දෙයක් බව පවසන ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා, එහිදි මාධ්‍ය වෙත පවසා සිටියේ ගල් ගසා මරා දැමීමට නියම කර සිටින ශ්‍රී ලාංකික කාන්තාව නිදහස් කිරීම සදහා ලිහිල් මට්ටමේ මැදිහත් වීමක් ප්‍රමාණවත් නොවන බැවින් ඒ සදහා ප්‍රමුඛත්වය ලබා දී ආණ්ඩුව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ මැදිහත් වීමක් සිදු කළ යුතු බවයි.

මෙවැනි තත්වයන් ට මැදිහත්වීම එක්සත් ජාතින්ගේ සංවිධානයේ යුතුකමක් බව ද ඔහු අවධාරණය කළේය.

රජුටවත් කරන්න බැහැ :

කැබිනට් තිරණ දැනුම් දෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ දිනයේ පවසා සිටියේ සවුදියේ ගන්නා තිරණ වෙනස් කිරිම එරට රජුට පවා අපහසු බවත් භාර දුරකාරියක් වන ඒ වෙනුවෙන් රජය කටයුතු කරගෙන යන බවයි.

 

 

 

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.