ඉන්දියා – ඕස්ට්‍රේලියා තරඟය ඉන්දියාව දින්නත් පරාදයි

smith2016 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර තරඟයේ ඉන්දියාව අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබුවේය. කෝලි ගේ පිතිහරඹය පිලිබඳ විශාල පිරිසක් කතා බහ කළේය.

ඒත් ඉන්දියාව දිනලත් පරාද බව ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය පෙන්වා දෙයි.ඊට හේතු දෙකක් තියෙනවා. එකක් නායක ස්ටීව් ස්මිත්ගේ දැවී යාම, අනෙක තමා ඉන්දියාවට ඕන විදියට පිටිය වෙනස් කිරීම. මේකෙන් දෙවැනි එක පිලිබඳ අපි මීට පෙර වාර්තා කළේය.

ස්ට්වී ස්මිත්ගේ දැවී යාම සම්බන්ධයෙන් ඉන්දියාවට කළු පැල්ලමක් ඇති වන බව  ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය පවසයි.

විනිසුරු මෙය දැවීයාමක් ලෙස එකවර ප්‍රකාශ කිරීමත් ප්‍රහෙළිකාවක් බවත් යුවරාජ් සිං සහ පන්දුව රැකගත් දෝනි එය පිත්තේ නොවැදුණු බව දැන දැනත් විනිසුරුගෙන් දැවී යාමක් ලෙස ඉල්ලීමත් විමතියට පත් වෙන කාරණයක් බවයි ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ එම දවා ගැනීමයි

[vsw id=”qnSkLb6AWtE” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.