ඊශ‍්‍රායලය ජෙරුසලමට එල්ල කල ප‍්‍රහාරය හෙලා දකිමින් යුනෙස්කෝව ඉදිරිපත් කල යෝජනාවකට ශී‍්‍ර ලංකාව ඡන්දය දීමෙන් වැලකේ……….

unescoඊශ‍්‍රායලය විසින් ජෙරුසලම් නගරයට එල්ල කල ප‍්‍රහාරයක් හෙලා දකිමින් යුනෙස්කෝව ඉදිරිපත් කල යෝජනාවකට ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව ඡන්දය දීමෙන් වැලකී ඇත. ඡන්දය දීමෙන් රටවල් 26ක් වැලකී සිටි අතර තවත් රටවල් 24ක් යෝජනාවට පක්ෂව ඡන්දය දුන්හ. ඊශ‍්‍රායලයේ කන්ද උඩ දෙවොල නම් ස්ථානයට එල්ල කල මෙම ප‍්‍රහාරය නීත්‍යානුකූල නොවන එකක් බවයි යුනෙස්කෝව පෙන්වා දෙන්නේ. මෙමගින් කලින් පැවැති එකඟතා ඊශ‍්‍රායලය විසින් බිඳ හෙලා ඇති බව යුනෙස්කෝව විසින් කියා සිටියි. යෝජනාවට පක්ෂව ඡන්දය දුන් රටවල් 24 තුල ඇල්ජීරියාව, බ‍්‍රසීලය, චීනය, ඉරානය, රුසියාව හා දකුණු ඇමරිකාවද වේ. ශී‍්‍ර ලංකාව හා පලස්තීනය අතර මීට පෙර ඉතා යහපත් සම්බන්ධතාවක් පැවැති අතර මෙම යෝජනාවට පක්ෂව ඡන්දය නොදීමෙන් ශී‍්‍ර ලංකාව හා පලස්තීනය අතර සම්බන්ධතා පළුදු වීමට ඉඩ ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.