ඊ.පී.ඩී.පී මන්ත්‍රීවරයා උතුරු පළාත් විපක්ෂ නායක කමෙන් ඉවත්කරන්න… දේවානන්ද ඉල්ලයි..

Douglas Devanandaදිනසේන රතුගමගේ
උතුරු පළාත් සභාවෙි වත්මන් විපක්ෂනායකවරයා එම ධූරයෙන් ඉවත් කොට කිලිනොච්චිය දිස්ත‍්‍රික් පළාත් සභා මන්ත‍්‍රී වෛත්තියනාදන් තවනාදන් නමැති මන්ත‍්‍රීවරයා පත් කරන ලෙසට ඊ.පි.ඩි.පි. පක්ෂ නායකත්වය එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්වරයාගෙන් ඉල්ලීමක් කොට තිබෙ.

සින්නතුරෙයි තවරාජා ඊ.පි.ඩි.පි.පක්ෂයෙන් තරගකොට උතුරු පළාත් සභාවට තේරිපත්විණ. ඊ.පි.ඩි.පි. පක්ෂ නායකත්වය සිදුකළ ඉල්ලීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා දැනුවත් කොට ඇති අතර, එහිදි සුදුසු කටයුතු සිදුකරන ලෙසටද එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීම් කොට ඇති බැව්ද තවරාජා පැවසුවේය.

තවරාජා වැඩිදුරටත් පැවසූවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුකාරවරයා වෙත යොමුකළ ලිපියේ පිටපත් පළාත් සභා සභාපතිවරයා හා උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා වෙතද යොමුකොට ඇති බවයි.

උතුරු පළාත් සභා සභාපතිවරයා අදාළ ලිපියට පිළිතුරු වශයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙත හා ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යොමුකොට ඇති අතර, අදාළ කාරණය සම්බන්ධයෙන් තමන්ට ක‍්‍රියාමාර්ග ගත නොහැකි බවට සභාපතිවරයා පිළිතුරු යවා ඇතැයි. තවරාජා සදහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් උතුරු පළාත් සභා විපක්ෂ මන්ත‍්‍රී වි.ජයතිලකගෙන් විමසීමේදි ඔහු පැවසූවේ තවරාජා ඉවත් කිරීමට පළාත් සභා විපක්ෂ මන්ත‍්‍රීවරුන් අකමැති බවයි.

සින්නතුරෙයි තවරාජා හා ඊ.පි.ඩි.පි.පක්ෂ නායක ඩග්ලස් දේවානන්ද අතර මත ගැටුමක් හේතුවෙන් තවරාජා විපක්ෂනායක තනතුරෙන් ඉවත් කරන ලෙසට ඩග්ලස් දේවානන්ද ඉල්ලීම් කොට ඇති බැව් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසී්‍ය

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.