උතුරු පළාත් සභාවේ නියෝජ්ය සභාපති ඇන්ටනි ජෙගනාදන් මහතා හෘදයාබාධයක් වැළදී මියයයි

antony jeganathanඋතුරු පළාත් සභාවේ නියෝජ්ය සභාපති ඇන්ටනි ජෙගනාදන් මහතා 01දා උදෑසන හෘදයාබාධයක් වැළදී මියගොස් තිබේ. ඔහු සිය රාජකාරී කටයුත්තක් සදහා මුලතිවු පළාත බලා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ඔහුට හෘදයාබාධයක් වැළදී යතුරු පැදියෙන් ඇදවැටී ඇතැයි සිද්ධිය දුටුවෝ මුලතිවු පොලීසියට පවසා තිබේ.

ඇද වැටුණු නියෝජය සභාපතිවරයා වහාම මුලතිවු මාංචෝලෙයි රෝහලට ඇතුළත් කොට ඇතත් ඔහු එහිදී මියගොස් තිබේ. මුලතිවු පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වාගෙන යයි.

දිනසේන රතුගමගේ

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.