උතුරේ ඉඩම් ගැන කතා කලාට චාගි ගාල්ලගෙට විනය පරීක්ෂණ

Untitled-1ජනාධිපති ආරක්ෂක අංශයේ හිටපු ප්‍රධානී හා 51 වෙනි සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්විය යුතුයැයි ආරක්ෂක ලේකම් කර්නාසෙන හෙට්ටිආරච්චි මහතා හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්රිශාන්තද සිල්වා මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලීම් කර තිබේ.

ඒ ගාල්ලගේ මහතා තම උතුරු සංචාරයේදී නිසි පරිදි ගෞරව නොකළ බව පවසමින්. මේ අතර එම මහතා කොළඹ පාබල හමුදා මුලස්ථානයේ පාබල හමුදා අද්යක්ෂවරයා ලෙස මාරු කර තිබෙන බවට ආරංචිමාර්ග සඳහන් කරනු ලබනවා.

මීට සති දෙකකට පමණ පෙර අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු පිරිසක් සමග කළ සාකචාවේදී ගාල්ලගේ මහතා උතුරේ ඉතුරු ඉඩම් හමුදාවෙන් නිදහස් කිරීම සම්බන්දව හමුදා ප්‍රද්ධානීන්ගේද අදහස් විමසිය යුතු බව ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම ජිනීවා මානව හිමිකම් කමිටුව සඳහා හමුදා නිලධාරීන් දෙදෙනුකද ඇතුළත් කළ යුතු බවට කෙරුණු යෝජනාව ඇමතිවරයා නොපිලිගනීමත් සමග ගාල්ලගේ මහතා උණුසුම් වචන හුවමාරුවක යෙදුනු බවත් සඳහන්.

එම හේතුව නිසාවෙන් මෙම ස්ථාන මාරුව හා පරීක්ෂණ පැවෙත්වෙන බවක් පෙනී යයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.