උතුරේ පාසල් දරුවන් 113 ගේ සිරුරේ බෝම්බ සහ උන්ඩ කැබලි….

JB11යුද්දය නිම වී වසර 7 ක් ගතවුවත් තවමත් කාලතුවක්කු,මෝටාර්,බෝම්බ හා වෙඩි උණ්ඩ වල කැබලි ශරීරයේ තබාගෙන වවුනියාව සහ යාපනය ප්‍රදේශවල පුද්ගලයින් 410 දෙනෙකු ජීවත්වන බවට පාර්ලිමේන්තුවට තොරතුරු ඉදිරිපත් වී තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ වවුනියාව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් විසින් ඉදිරිපත් කළ එම සංඛ්‍යා ලේඛනවලට අනුව මෙම සංඛ්‍යාවෙන් 113 දෙනෙක් පාසල් සිසුන් බවටයි අනාවරණය වේ.

උතුරු පළාත තුළ මේ අන්දමට දහසකට වැඩි පිරිසක් සිටින බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා කිළිනොච්චිය, මුලතිවු හා මන්නාරම යන පළාත්වල තොරතුරු තවමත් ලැබී නැති බවද කියා සිටියි.

ශරීරය තුළ බෝම්බ කැබලි තබා ගෙන ජීවත් වන මේ පිරිස රෝගීන් බවට පත්ව සිටින නිසා වහාම රජය මැදිහත්වී ඔවුන්ට ප්‍රතිකාර කළ යුතුව ඇතැයි කී මන්ත්‍රීවරයා උතුරේ රෝහල්වල පහසුකම් නොමැති හෙයින් ඔවුන්ට බෝම්බ කැබලි ඉවත් කරගැනීම සදහා රුපියල් ලක්ෂ ගණනක් පෞද්ගලික රෝහල්වට ගෙවීමට නොහැකි බවයි පෙන්වාදෙන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.