‘උතුරේ මෝටර් සයිකල් කල්ලි ගැන ඇසුවිට ඇමති සාගල නැගිට යයි

sagala-ratnayakaයතුරු පැදි වල නැගී කඩු ගෙන යාපනය බිය වද්දන කල්ලි හමුදා බුද්ධි අංශයේ බවට දෙමළ ජනතාව නගන චෝදනා වල සත්‍යයක් ඇතිදැයි කළ විමසීමකට පිළිතුරු නොදී නීතිය හා සාමය භාර අමාත්‍ය වරයා මාධ්‍යවේදීන්  ක්ෂණයකින්  නැගිට ගියේය.

පළාතේ ක්‍රියාත්මක වන යතුරු පැදි කල්ලි ගැන ඔබ කතා කළා. බොහෝ දෙමළ පිරිස් අපට කියා තිබෙන්නේ මෝටර් සයිකල් කල්ලි ගොඩක් තියෙන එක ඇත්තයි. ඒ අයට කියන්නේ හමුදා බුද්ධි අංශය කියලයි. ඒගැන ඔබේ ප්‍රතිචාරය කුමක්දැ,” යි මාධ්‍යවේදියකු විමසද්දී අමාත්‍යවරයා නැගිට ගියේය.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු අමාත්‍යවරයා වෙත් මෙම ප්‍රශ්නය යොමු කළේය.

ඒකෙ අදහස ඔව් ද, නැද්ද?” යි මාධ්‍යවේදියා විමසද්දී සභාවෙන් පිටව යන ඇමතිවරයා පිළිතුරු දුන්නේ මං මොකවත් කීවේ නෑ,” යනුවෙනි.

ගයන්ත ගේ ප්‍රතිචාර

මාධ්‍ය හමුව පවත්වමින් සිටි ගයන්ත කරුණාතිලක ඇමතිවරයා කියා සිටියේ සාගල රත්නායක ඇමතිවරයා සෑහෙන වෙලාවක් තිස්සෙ ප්‍රශ්න වලට පිළිතුරු දුන් හෙයින් නැගිට යෑම වරදක් නොවන බවයි.

මේ නැගිට යෑම පිළිබඳව මාධ්‍යවේදීන් අතරේ පසුව කථා බහක් ඇතිවේ තිබෙන අතර සගල රත්නායක ඇමතිවරයා පැමිනෙන පුවත් හමු වර්ජනය කිරීමේ යෝජනාවක් එහිදී ඉදිරිපත් වී ඇත.

සාගල රත්නායක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියා තිබුනේ ආවානමින් හැඳින්වෙන කඩු ගත් යතුරු පැදි කල්ලියක සාමාජිකයන් යයි සැක කොට පොලිසිය යාපන සරසවියේ විජයරාජා සුලක්ෂන් සහ නඩරාසා ගජන් සිසුන් දෙදෙනාට වෙඩි තබා ඇති බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.