උතුරේ රැකියා විරහිත උපාධි ධාරීන් උද්ඝෝෂණයක

Jaffna 11 සමස්ත ලංකා රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය ඇතුළු දකුණේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගම් කීපයක සහයෝගය සහිතව  යාපනයේ රැකියා විරහිත උපාධිධාරීහු අද (23) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ . ඔවුන් උද්ඝෝෂණයේ නිරත වූයේ රැකියා ලබා දෙන ලෙස රජයට බල කරමිනි.

උපාධිය ලබාගෙන වසර හතක් ඉක්ම ගොස් ඇතත් තවමත් රැකියා නොමැති හාරසියයක පමණ පිරිසක් යාපනය දිස්ත්‍රික්කය තුළ සිටින බව විරෝධතාකරුවෝ පවසති. සමස්තයක් ලෙස ගත් විට උතුරු පළාත තුළ රැකියා විරහිත උපාධිධාරීන් හයදහසක් පමණ සිටිනබවත් 2012 වර්ෂයේ සිට මේ දක්වා රට තුළ රැකියා විරහිත උපාධිධාරීන් තිස් දහසක් පමණ සිටින බවත්   රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය පවසයි. මේ වනවිට රට තුළ විවිධ පුරප්පාඩු පනස් දහසක් පමණ ඇති බවද එම සංගමය කියයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.