උතුරේ වැසියන් මුලා කර අධික පොලියට ණය ලබා දෙන මූල්‍ය සමාගම්

loanදිනසේන රතුගමගේ
යුද්ධයෙන් පසුව එළඹි සාම කාලයේදී මූල්‍ය සමාගම් උතුරු ප්‍රදේශයේ වැසියන්ගේ නිවෙස් වලටම පැමිණ ජනතාව මුලා කොට අධික පොලියට ණය ලබාදීම නිසා ජනතාව ණය බරින් මිරිකී සිටින බව උතුරු පළාතේ දේශපාලන නායකයින් පවසනවා.

අධික පොලියකට ලබාගත් ණය මුදල්වල වාරික ගෙවාගැනීමට නොහැකිව මිනිසුන් සියදිවි හානිකර ගන්නා තත්ත්වයකට පත්ව සිටීම ඉතා සෝචණීය සිද්ධියක් බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් බී.බී.සී.යට කියා සිටියා.

මන්ත්‍රීවරයා මේ බව පවසුවේ වවුනියාව ඕමන්ත ප්‍රදේශයේ විසිහය හැවිරිදි කාන්තාවක් සිය ණය මුදල ගෙවාගැනීමට නොහැකිව තමන්ගේ වයස දෙකහමාරක දරුවෙකු සමග 3 වෙනි බ්‍රහස්පතින්දා අළුයම ළිදකට පැන සියදිවි හානිකරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි.

මියගොස් සිටි නාගනාදන් සුගන්දිනී නැමති කාන්තාවගේ ස්වාමිපුරුෂයා පොලීසියට පවසා තිබුණේ නිවසටම පැමිණ එක්තරා මූල්‍ය සමාගමක් ඇයට රුපියල් 25000 ක ණය මුදලක් ලබාදුන් බවයි. එහි ණය වාරිකය ගෙවාගැනීමට නොහැකිව ඇය දුකසේ කල් ගෙවූ බවද ඔහු පොලීසියට පවසා තිබුණි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.