උතුරේ වෛද්‍යයවරුත් සයිටම් විරෝධයට එක් වෙයි

Jaffna Doctorsදිනසේන රතුගමගේ

සයිටම් විද්‍යාලය වහාම රජයට පවරාගත යුතු බව පවසමින් (02 දා) ඊයේ  දහවල් උතුරේ වෛද්‍යවරුන් පිරිසක් වව්නියාවේදී උද්ඝෝෂණයක නිරත වූහ.

වව්නියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චි හා යාපනය යන දිස්ත්‍රීක්යන්හි සේවයේ නිරත වෛද්‍ය වරුන් පිරිසක් විසින් දහවල් කෑම පැයේදී මෙම උද්ඝෝෂණයට එක් වී සිටි අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මෙය සංවිධානය කොට තිබුණි.

වව්නියාව මහරෝහල ඉදිරිපිටදී ආරම්භ වූ උද්ඝෝෂණය පසුව වව්නියාව බස්නැවතුම් පල දක්වා ගමන් කොට අවසන් වුනි.

මෙහිදී උද්ඝෝෂණයෙහි නිරත වූ වෛද්‍යවරුන් කිය සිටියේ

‘‘සයිටම් විද්‍යාලය වහාම රජයට පවරා ගැනීමටත් එසේ පවරා රජයේ විශ්ව විද්‍යාලයක් වශයෙන් ලියාපදිංචි කොට දැනට එහි ඉගෙනමු ලබන සිසු සිසුවියන්ටද සාධාරණය ඉටු කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළ යුතු බවටයි.

dsc_1391

dsc_1382

dsc_1356

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.