ඉදිරියේදී උතුරේ සිදුවන සෑම කටයුත්තකටම අන්තර් ජාතික මට්ටමේ මැදිහත්වීමක් අවශ්‍යයි – සී.වී.විග්නේස්වරන්…

halo-trustදිනසේන රතුගමගේ
උතුරු පළාත තුල සිදුවන සිදුවීම් රජයට පාලනය කරගත නොහැකි තත්ත්වයක් පෙන්නුම් කරණ අතර ඒවාට ලබාදෙන විසදුම්ද පිළිගත හැකි ඒවා නොවන බැවින් ඉදිරියේදී සිදුවන සෑම කටයුත්තකටම අන්තර් ජාතික මට්ටමේ මැදිහත්වීමක් අවශ්‍ය යැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් 07 දා සවස එක්සත් ජාතීන් සහ පොදු රාජ්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් කටයුතු කරන නියෝජ්‍ය ඇමතිනි ඒන්ලි බැරන්වරියට පවසා තිබේ.

ඇය යාපනයේ සංචාරය කළ අවස්ථාවේදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරිය හමු වී ඇති අතර එහිදී පැය දෙකක පමණ කාලයක් උතුරේ වත්මන් තත්ත්වය පිළිබදව මේ දෙදෙනා අතර සාකච්ඡාවක් පැවැත්විණි.

එදා සිට යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර් ජාතික මට්ටමේ පරීක්ෂණයක් ඉල්ලා සිටින්නේ දේශීය යාන්ත්‍රණය තුළ සිදුවන දේ halo-trust-1පිළිගැනීමට සියළුම දෙනා එකග නොමැති නිසා බවද මෙහිදී ප්‍රධාන අමාත්‍යවරයා පවසා ඇත.

යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන විට අනිවාර්යෙන්ම විදේශීය විනිසුරුවරුන්ගෙන් මෙන්ම අන්තර් ජාතික මට්ටමේ අධීක්ෂණයකින් යුතුව සිදුවිය යුතු බව තමන් යළිත් අවධාරණය කරණ බවද ප්‍රධාන අමාත්‍යවරයා මේ සාකච්ඡාවේදී පවසා ඇත.

යුද්ධයේදී ස්වාමියන් අහිමිව දැනට වැන්දඹුභාවයට පත් උතුරු නැගෙනගිර පළාත්වල සිටින තිස් දහසක් පමණ වූ කාන්තාවන්ට නිසි රැකවරණයක් හා ඔවුන්ගේ ජීවිත නගා සිටුවීමට යම් වැඩපිළිවෙලක් සකස් වියයුතු බවද ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.

යුද සමයේ උතුරේ වල දැමූ බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජයෙන් පවුම් ලක්ෂ දොළහක මූල්‍යාධාර ලබා දෙන බව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඒන්ලි බැරන්වරිය මෙහිදී පවසා ඇත.

ඉදිරි වසර තුන දක්වා කාලය තුළ බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා අදාළ අරමුදල් ලබා දෙන බව ඇය එහිදී කියා සිටියාය.
එම ආධාර මුදල පසුගිය වසරේ මොල්ටාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන්ගේ සමුළුවේදී ශ්‍රී ලංකාවට ලබා දෙන බවට ප්‍රකාශයට පත් කරන ලද පවුම් ලක්ෂ හැටහයක අරමුදලෙන් එක් කොටසකි.

යුද්ධය හේතුවෙන් උන්හිටිතැන් අහිමි වූ පවුල් නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළට සහන සලසනු වස් බිම් බෝම්බ ඉවත් කිරීමේ බ්‍රිතාන්‍ය පුණ්‍යායතනයක් වන ‘HALO Trust’සංවිධානය වෙත එම අරමුදල් ලබා දෙන බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

අදාළ ව්‍යාපෘතිය තුළින් උතුරේ වැසියන් හතළිස් දහසකගේ පමණ ජීවන තත්වය නගා සිටුවීම සිය බලාපොරොත්තුව බව’HALO Trust’සංවිධානය පවසයි.

යාපනයේ සංචාරය අතරතුර’HALO Trust’ සංවිධානයේ වැඩකටයුතු නිරීක්ෂණය කළ ඒන්ලි බැරන්වරිය උන්හිටිතැන් අහිමි වී නැවත සිය මුල් ඉඩම් වෙත පැමිණි පවුල් හමු වූ බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.