එක් දින වැඩවර්ජනය විගඩමකි ‌

RANIL-SAMAN

 

 

 

මේ ආණ්ඩුව පත් කිරීම සඳහා නොයෙක් තර්ක විතර්ක ඉදිරිපත් කල සමන් රත්නප්‍රිය ඇතුළු පිරිස එක්ව ක්‍රියාත්මක කරන්නට යන වැඩ වර්ජනය රනිල් වික්‍රමසිංහ විසින් ගෙනයන මෙගා රියැලිටි ෂෝ එකක තවත් දිග හැරුමකි.

 

රුපෑවාහිනි වල රඟ දැක්වෙන රියැලිටි ෂෝ වල සිදුවෙන  දේවල්  සිදුවන්නේ ඇත්තටමද එසේත් නැති නම් බොරුවටද යන්න තෝරා බේරා ගැනීම අපහසුය

ඉතා සියුම් ලෙස  වැඩසටහන කලමනාකරණය කෙරන අතර ඇත්ත සහ නැත්ත තෝරා බේරා ගැනීමට නොහැකි ප්‍රේක්ෂකයා අන්දමන්ද වෙයි.

මේ වැඩ වර්ජනයද එවැන්නකි.ආණ්ඩුවට දක්වන විරෝධය වික්‍රමසිංහ කලමනාකරණය යටතේ පවත්වා ගෙන් යෑමට මෙවැනි වැඩවර්ජන උපකාරිවේ.රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කොට තමන් මේ මේ ඉල්ලීම් ලබා දෙන බව ප්‍රකාශ කල පසු විරෝධය දිය වෙනු ඇත.

 

මෙයට රාජ්‍ය, පුද්ගලික, සහ බැංකු සේවකයින් මෙම වැඩවර්ජනයට එක්වෙන බව සමන් රත්නප්‍රිය කියා සිටී.බොහෝ දියුණු රටවල්වලඅවට ගියාට සමිති නායකත්වයට වැඩවර්ජන කැඳවිය නොහැක.සියළුම සාමාජිකයින් වෙත කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව ඡන්ද විමසීමක් පවත්වා වැඩි ඡන්දයෙන් වර්ජනයක් කිරීමේ අදහස සම්මත වුවහොත් පමණක් වැඩ වර්ජනය කල හැකිය. එහෙත්  මේ නීති ලංකාවේ නැති හෙයින් වෘත්තීය සමිති නායකයින් හට අභිමත පරිදි වැඩ වර්ජන කැඳවිය හැකිය.

hqdefault (9)

 විශ්‍රාම වැටුප් කප්පාදුවයි

පසුගියදා  අගමැතිවරයා හා පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වූ බැවින් මේ තීරණයට එකඟවූ බවයි සමන් රත්නප්‍රිය කියා සිටින්නේ.

 

මේ වර්ජනය පැවැත්වෙන්නේ අපොස සාමාන්‍ය පෙළ පැවැත්වෙන අතරවාරයේදීය.ගමනා ගමන අංශත් මේ වර්ජනයට එකතුවෙන අතර වර්ජනය හේතුවෙන් දරුවන්ට සිදුවෙන අපහසුවට ආණ්ඩුව වගකීම භාර  ගත යුතු බව රත්නප්‍රිය කියා සිටී.

දුප්පත් දරුවන් අපහසුවට පත් වූ පසු කුමන වගකීමක්ද?

 

මුලික ඉල්ලීම වන්නේ රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් කප්පාදුවයි.

මේ ඉල්ලීම සහ සෙසු ඉල්ලීම් කිසිසේත්ම ප්‍රමාණවත් ලෙසින් සංවාදයට ලක් වූ බවක් පෙනෙන්ට නැත.ඒ වෙනුවට පෙනෙන්නේ ආණ්ඩුවේ හිතවතුන් පිරිසක් පුහු  විරෝධයක් නගන බවයි.

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.