එච් .අයි වී ආසාදිතයින් ලේ දන් දෙන පෝලිමේ දී හඳුනා ගැනේ…………..

aidsපසු ගිය වසරේදී එච් .අයි වී ආසාදිතයින් විසි දෙනෙකු ලේ දැන් දීමට ඉදිරිපත් වී ඇති බව ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයේ අධයක්ෂකවරියක් වන දොස්තර එල් රාජපක්ෂ මහත්මිය මාධ්‍යවේදීන්ට පැවසීය. මේ ආසාදිතයින් හඳුනා ගෙන ඔවුන් ලේ දැන් දීමෙන් වළක්වාගෙන ප්‍රතිකාර සඳහා යොමු කළ බව ඇය පැවසීය.

මේ වන විට පුර්ව රුධිර පාරවිලයන පරීක්ෂණ හේතුවෙන් ලේ දන් දීම හරහා එච් .අයි වී ආසාදනය සීයයට සීයක්ම පලනය කොට ඇති බවයි ඇය පැවසුවේ. මේ වන විට ශ්‍රී ලංකාවේ ඒඩ්ස් රෝගීන් 4200 පමණ සිටින අතර දැනට ක්‍රමයෙන් රෝගීන් ගේ ගණන වැඩිවෙමින් පවතී.කෙසේ වෙතත් 2020 වන විට ලංකාවෙන් ඒඩ්ස් රෝගය පිටු දැකිය හැකි බව ඒඩ්ස් මර්ධන වැඩ පිළිවෙලේ බලධාරීන් පැවසුහ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.