එල්මෝට විශ්‍රාම වැටුප ලැබෙන්නේ කවදාද?

 

 

 

 

 

elmo490_n

 

අසනීපයකින් පසුවන ජනප්‍රිය නිවේදක එල්මෝ ප්‍රනාන්දු මහතාගේ සුව දුක් විමසීමට පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පසුගියදා තලංගම පිහිටි ඔහුගේ නිවසට යෑම උදාර කටයුත්තකි.

එල්මෝ ප්‍රනාන්දු වසර 47ක පමණ කාලයක් ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරවද   මාධ්‍ය මෙහෙවරක නිරත වූ අයෙකි.

ඇමැති ගයන්ත කරුණාතිලක මහතා එම අවස්ථාවේදීම ගුවන් විදුලි සංස්ථාවේ සභාපති නන්ද මුරුත්තේට්ටුවගම මහතාට දුරකථනයෙන් කථා කර මෙම ඉල්ලීම පිළිබඳව හැකි ඉක්මනින් කටයුතු කරන ලෙස දන්වා ඇත.

ඔහුගේ විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා ජනමාධ්‍ය ඇමතිවරයාට මැදිහත් වන්නට සිදුවීම කණගාටුවට කරුණකි.

බී.බී.සී ලෝක ප‍්‍රවෘත්ති සේවයට වාර්තා කළ එල්මෝ ප්‍රනාන්දු පිලිපීනයේ වෙරිටාස් සේවයේ සිහල අංශයේ ප්‍රධානියා ලෙසත් කටයුතු කොට ඇත.

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.