එස් එෆ් ගේ මීළඟ හෙළිදරව්ව කවුරු ගැනද?

th12 කරාටේ ශුරයෙක්  වන රාත්‍රී සමාජ ශාලා හිමිකරු වසන්ත සොයිසාගේ ඝාතනයට සම්බන්ධ බව කියන ඉරෝන් රණසිංහ හෙවත් එස් එෆ් තොරතුරු වමාරන්න්නට පටන් ගැනීමත් දේශපාලනබලවතුන් රැසක් සලිතවී සිටිති.

අනුරාධපුර පැනොරාමා සමාජ ශාලා හිමිකරු  වන වසන්ත සොයිසා ඝාතනයට සම්බන්ධ බවට සැකකරන එස්.එෆ්.ලොකූ හෙවත් ආර්.ඒ. ඉරෝන් රණසිංහ නැමැත්තා  හිටපු අමාත්‍ය තිස්ස කරලියැද්ද මහතා සමඟ එකට සිට ගත් ඡායාරූපයක් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ දක්නට ලැබේ.

එස්.එෆ්.ලොකූ හෙවත් ආර්.ඒ. ඉරෝන් රණසිංහ පසුගිය ඔක්තෝම්බර් විසිදෙවන දා තිස්ස කරලියැද්ද මහතා සමග සිටින ඡායාරූපයක් ෆේස්බුක් ගිණුමට එක් කරමින් පහත සටහන ද ඊට යොදා තිබුණි. ඊට අනුව එස් එෆ් ලොකුගේ හොඳම මිතුරෙකු වන කරලියද්ද ඇමතිවරයා සමඟ රහසිගත සාකච්ඡාවක් පැවැත්වූ බව සඳහන් කොට ඇත.

කෙසේ වෙතත් මොහුත් සමඟ එවැනි ආශ්‍රයක් නැති බව ඒ කරලියද්ද මහතා පැවසීය. කෙනෙකු ඡායාරූපයක් ගන්නා විට කාලා බැලිය නොහැකි බවද ඔහු තවදුරටත් පැවසීය.

මේ වන විට  සිද්ධියට සම්බන්ධ  තවත් සැකකරුවන් දෙදෙනෙකු කැබිතිගොල්ලෑව ප‍්‍රදේශයේදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉරෝන් රණසිංහගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු අනුව අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් ගණන 33 ක්.

සැකකාර ඉරෝන් රණසිංහ නමැත්තා අද අධිකරණයට රැගෙන ආ අවස්ථාවේ කොණ්ඩය උඩට හිටින සේ බැඳ කොණ්ඩා මෝස්තරයකින් සැරසී සිටි බවයි නෙත් නිවුස් අනුරාධපුර අධිකරණ වාර්තාකරු සඳහන් කළේ. අධිකරණයට රැගෙන ඒමේදී මුහුණ ආවරණය කිරීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බවත් සඳහන්. මාධ්‍යට ඡායාරූප ලබා ගැනීමේ අවස්ථාව පවා  ඉරෝන් රණසිංහ විසින් ලබා දී තිබුනි.

 

 

[vsw id=”/NFHD1SQ_NcY” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

“කරාටේ වසන්තව මරලා දාන්න මට ලොකු වියදමක්‌ ගියේ නැහැ. කළු රෙදි මීටර් 15 යි, පොහොර බෑග් 30 යි, මත්පැන් බෝතල් හතයි, කැලෙන් කපා ගත්ත පොලු ටිකකුයි වසන්තව මරන්න යොදා ගත්තේ. වසන්ත සොයිසාගේ ඝාතනයේ වගකීම මම භාර ගන්නවා. එයත් එක්‌ක මගේ ලොකු වෛරයක්‌ තියෙනවා. අනුරාධපුරයට කැරෝකේ අවන් හල් ඕනේ නැහැ.

මේ මිනී මැරුමෙන් පස්‌සේ මම පොලිසියට භාරවෙන්න හිටියේ. මම ඒ ගැන මගේ මල්ලිටත් කිව්වා. අපරාධයක්‌ කරලා හැංගිලා ඉන්න බැහැ. කවදා හරි පොලිසියට කොටු වෙනවා යෑයි එස්‌.එෆ් ලොකූ කීය.”

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.