ඕමන්තෙ ලිඳකින් මවකගේ හා දරුවෙකුගේ මළ සිරුරු දෙකක් හමුවේ…

omantheදිනසේන රතුගමගේ
වවුනියාව, ඕමන්ත, පණ්ඩිකේත්තිකුලමි ප‍්‍රදේශයේ පාළු ළිඳක තිබි මවකගේ හා කුඩා දරුවෙකුගේ මළ සිරුරු දෙකක් ප‍්‍රදේශවාසීන්ගේ දැකීමෙන් පසුව එම මළසිරුරු (03දා ) දහවල් ඕමන්ත පොලිසිය වීසින් ගොඩගෙන තිබෙි.
ඕමන්ත පොලිසිය පැවසූවේ වවුනියාව, ඕමන්ත, පුදියවේලාර්සින්නකුලම ප‍්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 25 ක් වු නාගනාදන් සුගන්දිනි නමැති කාන්තාවකගේ හා ඇයගේ වයස අවුරුදු දෙකහාමාරයක් පමණ වයසැති නාගනාදන් කින්දුජන් නමැති දරුවෙකුගේ මළ සිරුරු දෙකක් එලෙස සොයාගත් බවයි.
omanthe-1සිය බිරිඳ හා දරුවා අතුරුදහන්ව ඇති බවට මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා ප‍්‍රදේශවාසීන්ට පවසා ඇති අතර, අනතුරුව ප‍්‍රදේශවාසීන් සමඟ ප‍්‍රදේශයේ සිදුකළ සොයාබැලීමකදි ළිඳක් තුළ තිබි මළ සිරුරු සොයාගෙන ඇත. මියගිය කාන්තාව පවුලේ අවශ්‍යතාවයන් වෙනුවෙන් කුඩා කණ්ඩායම් අතර බෙදාදෙන ණය ලබාගෙන ඇති අතර, අදාළ ණය පියවීමේ දිනය පසුගිය 31 වැනිදාට යෙදී තිබි ඇත. ණය පියවීමට නිවසේ මුදල් තිබි නොමැති අතර එහිදි බිරිඳ හා ස්වාමියා අතර පසුගියදා මෙි සමිබන්ධයෙන් බහින්බස්වීමක් සිදුවි ඇති බව ප‍්‍රදේශවාසීන් පොලීසියට පවසා ඇත. බහින්බස්වීම සිදුවීමෙන් පසුව කාන්තාව හා කුඩා දරුවා පසුගිය 02 දා සිට අතුරුදහන්වි ඇති අතර, කාන්තාවගේ හා දරුවාගේ අතුරුදහන්වීම omanthe-2සම්බන්ධයෙන් ප‍්‍රදේශවාසීන් ප‍්‍රදේශයේ සිදුකළ සොයා බැලීමකදි ළිඳ තුළ තිබි මළ සිරුරු හමුවි ඇති බවද පොලිසිය පැවසීය. මියගිය කාන්තාවට වයස අවුරුදු පහක දරුවෙක්ද සිටින අතර, එම දරුවා කාන්තාව අතුරුදහන්වු දිනයේ පියා සමඟ සිට ඇති බව පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වි ඇත.

මළ සිරුරු සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත් මරණ පරීක්ෂණ හා පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිත අතර අදාළ මරණයන් ඝාතනයක්ද ? සියදිවි නසා ගැනීමක්ද ? යන්න සම්බන්ධයෙන් ඕමන්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

සිද්ධිය නිරීක්ෂණය කිරීම වෙනුවෙන් වන්නි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශිවශක්ති ආනන්දන් මහතා හා උතුරු පළාත් සභා මන්ත‍්‍රී එස්.මයුරන් මහතාද අදාළ ස්ථානයේ නිරීක්ෂණය කටයුතු කරනු ලැබීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.