ඖෂධ මිල සූත්‍රය එළි දක්වන්නේ සේනක බිබිලෙගෙ උපන්දිනයට…

rajitha22ඖෂධ මිල පහළ දැමීමේ මිල සූත්‍රය මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ උපන් දිනය යෙදී තිබෙන ලබන 23 දා රටට එළි දක්වන බව සෞඛ්‍ය ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළේය. මිල සුත්‍රය එදින සිට දිවයින පුරා ක්‍රියාත්මක වීම අනිවාර්යය බවද ඇමතිවරයා මෙහිදි පෙන්වා දුන්නේය. ඖෂධ මිල පාලනය කිරිමට රජය ගන්නා වැඩපිළිවෙල කුමන බාධක පැමිණියත් ඉදිරියටම ගෙන යන බවද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස  වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කීවේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.