කතරගම කැරල්ලක් – කපුවන් ඉවතට

kataragama devalayaකතරගම කිරිවෙහෙර පුදබිමේ පිහිටි මහසෙන් සහ දැඩිමුණ්ඩ දේවාලවල කටයුතු කළ කපු මහත්වරුන් 18 දෙනෙකු කතරගම කිරිවෙහෙර විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ගේ උපදෙස් පරිදි ඉවත් කර තිබේ.

ඊට අමතරව කිරිවෙහෙර චෛත්‍ය ආසන්නයේ පහන් වැට භාරව සිටි පුද්ගලයා ද අදාළ රාජකාරීවලින් ඉවත් කර ඇති බව ද වාර්තාවේ.

මහසෙන් සහ දැඩිමුණ්ඩ දේවාලවල සිදු වූ විවිධ දූෂණ හා අක‍්‍රමිකතා පිළිබඳ ඉකුත් දිනවල තොරතුරු වාර්තා වී ඇති අතර මහසෙන් දේවාලයට බැතිමතෙකු විසින් පවුම් දෙක හමාරක රන් මාලයක් පූජා කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ඔහු පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් දැනුවත් කිරීමෙන් පසු පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් මහසෙන් දේවාලයේ කපු මහත්වරුන් අදාළ පවුම් දෙක හමාරේ රන් මාලය වෙනුවට රන් බරින් අඩු මාලයක් ධම්මින්ද හිමියන් වෙත භාර දී ඇති බව ද සදහන්.

මෙම සිද්ධිය ඇතුළු වංචනික ක‍්‍රියා රැසක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බැවින් මෙම ඉවත් කිරීම් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

රුහුණු මහා කතරගම දේවාලයේ කපු මහතුන් පත් කෙරන්නේ පරම්පරා අයිතිය අනුවයි, එහෙයින් මේ ගත් පියවර නිසා ගැටළු ඇති විය හැකි බව පළාතේ පිරිස් කියා සිටිති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.