කඳුළු ගෑස් ගැහුවේ සාගල නොදැනද?

Disabled Soldiers - Sagala Rathnayakaකොළඹ කොටුවේ ජනාධිපති කාර්යාලයට සඳුදා (07) බලෙන් ඇතුලු වීමට තැත් කළැයි කියන ආබාධිත සෙබළුන්ට කඳුළු ගෑස් ගැසීම ගැන නීතිය හා සාමය පිළිබඳ ඇමැති සාගල රත්නායක මහතා වාර්තාවක් කැඳවැ ඇත.
.
මේ ගැන පරික්ෂණයක් කිරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාගෙන් යුත් කමිටුවක්ද පත් කර ඇත.

දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් නිශාන්ත වීරසිංහ, බටහිර ආරක්ෂක සේවා ආඥාපති මේජර් ජනරාල් සුදන්ත රණසිංහ යන මහත්වරු සෙසු අය වෙති.

සාමාන්‍යයෙන් මෙවැනි සංවේදී අවස්ථාවක ඉහළින් අණක් ලැබෙන්නේ නැතුව ප්‍රහාර එල්ල නොකරන බව ප්‍රසිද්ධ රහසකි. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී.

සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ‍්‍රයට පැමිණි ආබාධිත හමුදා සෙබළුන්ට ආණ්ඩුව විසින් එල්ල කළ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරය හෙලා දකින බව ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

jvp - kandulu gas

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.