කම්කරු දෙපාර්තමේන්තු වැඩ වර්ජනය ගැන පාර්ලිමේන්තුව විමසයි…

labour-1ප්‍රතිව්‍යුහගත කිරීම මුවාවෙන් කම්කරු දෙපාර්තමේන්තුවට කිරිමට හානියට එරෙහිව එහි නිලධාරින් ආරම්භ කර ඇති වැඩවර්ජනය සම්බන්ධයෙන් කම්කරු ඇමතිවරයා පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදි ඊයේ (08) ප්‍රකාශ කළේය.
රජය සෑම දෙයකටම ප්‍රතිව්‍යුහගතකරණය නම යොදමින් පෞද්ගලිකරණයට ඇද ගෙන යන බව පැවසු මන්ත්‍රීවරයා මේ නිසා වැඩකරන ජනතාව ලොකු ගැටලුවකට මුහුණ පා සිටින බවද සඳහන් කළේය. සභානායකවරයාට මේ සම්බන්ධයෙන් පිළිතුරක් දිය නොහැකි නිසා විෂය භාර ඇමතිවරයා ගෙන්වා සභාවට පිළිතුරක් ලබාදෙන ලෙසද ඉල්ලා සිටියේය.
මෙහිදි ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන කීවේ වසර 80 ක් පැරණි කම්කරු දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරින් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බැවින් රජය වහාම ඊට මැදියත් ව ක්‍රියා කළ යුතු බවයි.
කම්කරු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගතකරණයට විරුද්ධව ඔවුන් මෙලෙස වැඩවර්ජනයේ නිරතවන බව පැවසු මන්ත්‍රීවරයා කීවේ  එක් දිනක් හෝ ඔවුන්ගේ කටයුතු අකර්මණ්‍යවුවහොත් ලක්ෂ 45 ක පමණ වැඩකරන ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් දීම අර්බුදයකට යන බවය.

මෙහිදි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේ තමන් මේ පිළිබඳ කම්කරු ඇමති ජෝන් සෙනවිරත්න මහතාගේ අවධානයට යොමු කරන බවයි. යහපාලන රජය යටතේ ඕනෑම අයෙකුට සිය අයිතින් වෙනුවෙන් වැඩවර්ජන උද්ඝෝෂණ කිරිමේ හැකියාව පවතින බවද ඇමතිවරයා සඳහන් කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.