කමිටු පිට කමිටු වාර්තා නැත

Presidential Commissionශී‍්‍ර ලංකාව නොයෙකුත් කරුණු සම්බන්ධයෙන් කමිටු පිට කමිටු පත්කිරීම සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියක් උසුලන රටකි. මෙම කමිටු වහාම ප‍්‍රසිද්ධ කරන්නැයි ශිෂ්ඨ ලංකා සංවිධානය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගෙන් ඉල්ලීමක් කොට ඇත. පසුගිය දශකයේ පත්කරනු ලැබූ ජනාධිපති කොමිසම් සියල්ලේම වාර්තා සමග විශේෂයෙන් සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ අවසන් වාර්තාව ඉදිරිපත් කරන්නැයි ශිෂ්ඨ ලංකා සංවිධානය ඉල්ලීමක් කොට ඇත. මෙම කමිටු පත්කිරීම සඳහා රුපියල් කෝටි ගනනක් වැය වී ඇති නමුත් ඒ මුදල් පිළිබඳ විස්තර හා එම කොමිසම් වලි්න් ඉදිරිපත් කෙරුනු නිර්දේශ පිළිබඳව ජනතාවට ප‍්‍රමාණවත් දැනීමක් නොමැති බවයි ශිෂ්ඨ ලංකා සංවිධානය පෙන්වා දෙන්නේ.

2000 සිට 2005 දක්වා වූ කාලය තුලදී අධික මිල අවිආයුධ, හමුදා ආම්පන්න හා සේවා මිලයට ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට 2006 වසර ආරම්භයේ ඉදිරිපත් කෙරුණු ශිරාණි තිලකවර්ධන කොමිසමේ වාර්තාව පිළිබඳ තොරතුරු දැනගන්නට නැතැයි එම සංවිධානය පෙන්වා දෙයි. ඒ ආසන්නයේම නාවික හමුදා මිලට ගැනීම් පිළිබඳව සොයා බැලීමට තවත් කොමිසමක් පත් කෙරුනද මේ කොමිසමේ තොරතුරු පිළිබඳවත් යමක් දැනගන්නට නැත.

එමෙන්ම 2011 මැයි මස කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ දියත් කෙරුණ මැර ප‍්‍රහාරය පොලිස් වෙඩි තැබීම සමග සේවක ඝාතනය පිළිබඳව මහානාම තිලකරත්න ඒක පුද්ගල කොමිසම පත් කෙරුණත් එහිදී ඉදිරිපත් කෙරුණු කරුණු සම්බන්ධවත් දැන ගන්නට නැත. 2013 නොවැම්බර් මාසයේදී රතු පස්වල ජල ප‍්‍රශ්නයේදී හමුදා මැදිහත් වීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම විමර්ශන සිදුකල නමුත් ඒ පිළිබඳවත් ප‍්‍රමාණවත් දැනුමක් ජනතාවට නැත.

මෙසේ ජනතා මුදල් වියදම් කරමින් දිගින් දිගටම කොමිසම් පත් කලත් ඒ පිළිබඳව ප‍්‍රමාණවත් කතිකාවක් හෝ ජනතා අවධානයක් නොමැති නම් කොමිසම් පත්කිරීමේ අරමුණ ඉටු නොවන බවයි ශීෂ්ඨ ලංකා සංවිධානය පෙන්වා දෙන්නේ. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත්කිරීමේදී ඒ පිළිබඳව යම් සමාජ සංවාදයක් ගොඩ නගනු ලැබුවත් එම සමාජ සංවාදය තව දුරටත් ඉදිරියට ගෙන යා යුතු බවයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන වෙත ලියා දන්වා ඇත්තේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.