කරුණා අම්මාන් දෙසැම්බර් 7 දක්වා රිමාන්ඩ්…………….

Karuna Ammanවෙඩි නොවදින මෝටර් රථයක් අවභාවිතා කළැයි විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් දෙසැම්බර් 7 දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (29) නියෝග කළේය.

වෙඩි නොවදින රජයේ වාහනයක් අවභාවිත කිරීමේ සම්බන්ධයෙන් නැගුණු චෝදනාවකට ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කරුණා අම්මාන් (අද නොවැ.29) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබිණි.

ඔහු අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ප්‍රකාශය ලබා ගැනීමෙන් අනතුරුවයි. අද දිනය ඇතුළත ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය පවසයි.

රුපියල් කෝටි 7 කට අධික වටිනාකමකින් යුත් වෙඩි නොවදින ජීප් රථයක් මඩකලපුව ප්‍රදේශයේ ගරාජයක තිබී පොලිස් මුල්‍ය අපරාධ කොට්ටශය විසින් පසුගියදා සොයා ගනු ලැබූ අතර එය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් හිටපු ඇමතිවරයා භාවිතා කළ රථයක් බව විශ්වාස කෙරේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.